*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/15

  1. ශ්‍රී ලංකාව තුළ ඩෙංගු ව්‍යාප්තියේ දැඩි ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකි බව වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය. ජී. විජේසූරිය පවසයි: 2023 මේ දක්වා වාර්තා වී ඇති ආසාදන සංඛ්‍යාව ඉකුත් වසර දෙක තුළ එම කාලසීමාව තුළ වාර්තා වූ ආසාදන මෙන් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ද පවසයි.
  2. ආනයන අඩු වීමට සහ ඉන් රේගු බදු ආදායම අවම වීමට හේතු වූ ඩොලර් හිඟය බදු ඉහළ දැමීමට හේතුවූ බවත්, නව බදු ක්‍රමය තුළ ගැටළු තිබෙන්නේ ඒ හේතුව නිසා බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ධම්මික පෙරේරා පවසයි.
  3. ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය සම්පූර්ණ සහයෝගය ලබා දීමට තමා සමඟි ජන බලවේගයේ උපසභාපතිධුරයෙන් ඉවත් වන බවත් පක්ෂය හැර යන බවත් හිටපු පා.ම. පී හැරිසන් පවසයි: ඉදිරියේදී සමඟි ජන බලවේගයෙන් 20 දෙනෙකු ආණ්ඩුවට එකතු වන බව ද පවසයි.
  4. “දේශීය ණය ප්‍රශස්තකරණයේ පවතින අවදානම්” වලට එරෙහිව සමඟි ජන බලවේගයේ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි: මෙහි දී ‘අතිශයින්ම ප්‍රවේශම් විය යුතු’ බවත්, ප්‍රවේශමෙන් කළමනාකරණය නොකළහොත් දේශීය ණය ප්‍රශස්තකරණය ආර්ථිකයට සහනයක් වෙනුවට බරක් විය හැකි බව ද අවධාරණය කරයි: හර්ෂ ද සිල්වා යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත් වීමට හේතුවූ 2022 අප්‍රේල් ‘ණය පැහැර හැරීම’ වෙනුවෙන් දැඩිව පෙනී සිටි පුද්ගලයෙකි.
  5. අධික වර්ෂාපතනය මත නිල්වලා ගඟ හා ගිං ගඟ පිටාර ගැලීම නිසා ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල බොහෝ පහත් බිම් ජලයෙන් යටවෙයි: මෙම තත්ත්වය මත බොහෝ මාර්ග අවහිර වෙයි: ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිටීම් ද වාර්තා වෙයි.
  6. අද දින සිට සේවයට වාර්තා කිරීමේදී සහ පිටව යාමේදී නැවත ඇඟිලි සලකුණු තැබීම රජයේ සේවකයන්ට අනිවාර්ය වේ: ඇඟිලි සලකුණ තැබීමේ පද්ධතිය කොවිඩ් වසංගත තත්ත්වය මත ඉකුත් 2022 ජනවාරි මස අත්හිටුවනු ලැබීය.
  7. ඉකුත් වසර දෙක තුළ තමන්ට කිසිඳු බාහිර අරමුදලක් නොලැබුණු බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි: 2022 මාර්තුවල හදිසියේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ශුද්ධ විදේශ මුදල් වගකීම් නැවත ඇගයීමේ ප්‍රතිඵලයක් ලෙස තම සමාගමට රු. බිලියන 142.6 ක විදේශ විනිමය පාඩුවක් සිදුවූ බව අනාවරණය කරයි.
  8. හැමිල්ටන් රිසර්ව් බැංකුව (Hamilton Reserve Bank Ltd.) සහ ශ්‍රී ලංකා රජය, එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු එල්. ඩෙනිස් කෝට් (L. Denise Cote) විසින් අප්‍රේල් 20 දින නිකුත් කරන ලද නියෝගයට ප්‍රතිචාර ලෙස නිව් යෝර්ක්හි දක්ෂිණ දිස්ත්‍රික් අධිකරණයට ඒකාබද්ධ ලිපියක් යොමු කරයි: 2022 ජුලි 25 දින කල් පිරුණු ඇ.ඩො. බිලියන 1 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඇ.ඩො. මිලියන 250 ක මුදලක් හැමිල්ටන් බැංකුව සතුවෙයි: ‘ණය පැහැර හැරීම’ හේතුවෙන් ශ්‍රී ලංකාව තමාට ඇ.ඩො. මිලියන 250.19 ක් සහ ඇ.ඩො. මිලියන 7.349 ක් උපචිත පොලී වශයෙන් ණය වී තිබෙන එම බැංකුව ශ්‍රී ලංකා රජයට චෝදනා කරයි: රජය සියලු චෝදනා පාහේ ප්‍රතික්ෂේප කරයි.
  9. ඕස්ට්‍රේලියාවේ රාජකීය ගුවන් හමුදාව සතු වූ (ලියාපදිංචි අංක A32-673 දරණ) Beechcraft KA350 King Air වර්ගයේ ගුවන් යානය ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කරයි: මෙම ගුවන් යානය, ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා භාවිතා කිරීමට නියමිත බව සඳහන්.
  10. MV X-Press Pearl ව්‍යසනය හේතුවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක ගොනු කළ නඩුව අද දින දෙවන දිනයටත් කැඳවීමට නියමිතයි: සිංගප්පූරු නීතී ආයතනයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට නියමිතය: මෙම නඩුව පළමු වරට කැඳවනු ලැබුවේ ඉකුත් මැයි 09 වන දිනය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan