අද ලංකාවට තීරණාත්මක දවසක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 16, කොළඹ (LNW): පකිස්තානයේ පැවත්වෙන මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් සූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා අද දිනයේ දී ශ්‍රී ලංකාව,ටර්කිමෙනිස්තානය සහ ඉරානය අතර තුන්කොන් සටනක් නිර්මාණය වී ඇත.සමහර විට ඇෆ්ගනිස්තානය මේ දක්වා ජයක් ගෙන නැතත් අද කිරිගිස්තානය පරාජය කළහොත් තුන්කොන් සටන සිව්කෙන් සටනක් වන්නට ද ඉඩ ඇත.


ඉරානය සහ මේ දක්වා අපරාජිතව සිටින පකිස්තානය අතර තරගයෙන් ඉරානය පරාජයට පත් වුවහොත් ඒ ඔවුන් ලබන තෙවන පරාජය වේ.එසේම ශ්‍රී ලංකාව සහ ටර්කිමෙනිස්තානය අතර තරගයෙන් කුමන කණ්ඩායම පරාජය වුව ද,එම පරාජය මේ තරගාවලිය තුළ ඒ කණ්ඩායම ලබන තෙවන පරාජය බවට පත් වේ.


දැනට අපරාජිත පකිස්තානයට අමතරව තරගාවලියේ තරග දෙක බැඟින් පරාජය වී සිටින කණ්ඩායම් හතරක් දකින්නට ලැබේ.ඒ ශ්‍රී ලංකාව,කිරිගිස්තානය,ඉරානය සහ ටර්කිමෙනිස්තානය ය.ශ්‍රී ලංකාව පකිස්තානය සහ කිරිගිස්තානය ඉදිරියේ පරාජය වී ඇත.

කිරිගිස්තානය ඉදිරියේ ලද අනපේක්ෂිත 3-2 පරාජය නොවන්නට ශ්‍රී ලංකාවේ තත්ත්වය වඩා සුබදායක තත්ත්වයක තිබෙන්නට තිබිණ.
එසේම කිරිගිස්තානය පකිස්තානය සහ ටර්කිමෙනිස්තානය ඉදිරියේ පරාජයට පත්ව ඇත.ඉරානය, කිරිගිස්තානය සහ ශ්‍රී ලංකාව ඉදිරියේ මේ වන විට පරාජය ලබා ඇත.ඉරානය පරාජය වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ කිරිගිස්තානය වෙතින්ය.අද පැවත්වෙන කිරිගිස්තාන සහ මේ වන විට මුහුණ දුන් සියලු කණ්ඩායම් හමුවේ පරාජය වී සිටින ඇෆ්ගනිස්තානය අතර තරගයෙන් කිරිගිස්තානයට ජය ගැනීමට වැඩි ඉඩක් තිබෙන බව පැහැදිළිය.එහෙත් මේ තරගාවලිය පුරා ජය සහ පරාජය හුවමාරු වෙමින් තිබෙන ආකාරය තරගය පැවත්වෙන මොහොතට සාපේක්ෂව තීරණය වී ඇති බව පැහැදිළි වෙමින් සමහර විට ඇෆ්ගනිස්තානය ජය ගැනීමට ද බැරි නැත.


අපරාජිත පකිස්තානය හැරුණු විට මේ වන විට ඉදරියෙන් සිටින ශ්‍රී ලංකාව,කිරිගිස්තානය,ඉරානය සහ ටර්කිමෙනිස්තානය යන කණ්ඩායම් හතරම සිටින්නේ තරග දෙක බැඟින් ජය ගෙනය.ඒ කණ්ඩායම් ක්‍රීඩා කර ඇති ආකාරය බලන විට ඔවුන් අඛණ්ඩව එකම මට්ටමක සිට නැති බව පැහැදිළිය.ඒ අතරින් ශ්‍රි ලංකාවේ තරග රටාව මුල් තරග දෙකෙන් පසුව ටිකෙන් ටික දියුණු වෙමින් නිවැරදි රිද්මයට පැමිණ තිබෙන බවක් දැකිය හැකිය.


විශේෂයෙන් ආවරණ තුළ නොරැඳෙන සේ වේගවත් ප්‍රහාර දැල ආසන්නයේම නොරැදී එල්ල කිරීමේ උත්සාහය වැඩි ප්‍රතිපලදායක වී තිබෙන බව දැකිය හැකිය.දීප්ති රොමේෂ් නායකයෙක් ලෙස සිය අත්දැකීම් පිටිය තුළ පතුරුවන ආකාරය වැදගත්ය.ඉහළ ඉල්පීමක් වෙනදා මෙන් දකින්නට නැතත් ඔහුගේ පහරවල තිබෙන ස්ථානගත කිරිම වැදගත්ය.


ඉරාන තරගයේදී ආසියාවේ අංක එකේ සිටින ඉරාන ජාතික කණ්ඩායම සහභාගි නොවුණු බව සත්‍යයකි.එය ක්‍රිඩා කණ්ඩායම මෙන්ම පුහුණුකරුවන් ද දන්නා ඇත්තකි.එහෙත් ඉරානය සෙසු කණ්ඩායම් පමණට වඩා පහත්කොට සළකන අවස්ථාවට ශ්‍රි ලංකාව දුන් උත්තරය අමිලය.රටක් හැටියට හෙට ලෝකය දිනන්න යන්න පෙළ ගස්සන ඉරානයේ බලාපොරොත්තු පරාජය වූ බව ද ඇත්තක්ම වන අතර ඒ ප්‍රබලත්වයේ සැකිලි රූප ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව සටනේ දී මැනවින් ප්‍රදර්ශණය කළ බව ද පිළිගත යුතුය.එහෙත් එහිදී ඔවුන්ගේ ජවසම්පන්න බවට වඩා වැදගත් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන වසන්ත ලක්මාල්,අයේෂ් දිල්හාන්,ඉසුරු මධුෂාන් වැනි ක්‍රීඩකයන්ගේ අත්දැකීම් පිරුණු ප්‍රහාරය.මලීහ රවිශාන් මෙන්ම මනෝජ් වන්නිගමගේ ද පන්දුව සැකසීම කල්පනාකාරිව ඉටු කළ අතර පන්දුව ලබා ගැනීමේදී ශ්‍රී ලංකාව දක්වන හැකියාව තීරණාත්මක තරගයේ දී ලිබරෝ ක්‍රිඩකයා පමණක් නොව සියලුම ක්‍රීඩකයින් සියයට සියයක් අවධානයෙන් යුතුව නිවැරදිව කළ යුතු දෙයක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...