Robert Fico ගේ තත්ත්වය නරක අතට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඊයේ දින වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැකියා අගමැති රොබට් ෆිකෝගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රැටිස්ලාවා අගනුවර සිට කිලෝමීටර් 180ක් පමණ දුරින් පිහිටි ප්‍ර දේශයකදී වෙඩි තැබීම සිදුව තිබෙන අතර, රැස්වීමකට සභාගීවීමෙන් අනතුරුව එහි සිටි පිරිසට ආචාර කරමින් සිටියදී ස්ලෝවැකියා අගමැතිවරයාට වෙිඩි ප්‍රහාරය එල්ල වී තිබිණි.

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල බව ද එරට  ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටී.

ප්‍රහාරය එල්ල කළ ස්ථානයේ සිටි සියලු දෙනාම මේ වන විට රදවාගෙන සිටින අතර  ඔවුන් අතුරින් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සොයා විමර්ශන ක්‍රියාත්මක බව එරට මාධ්‍ය වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...