සටහන – රෂිකා හෙන්නායක
මැයි 16, කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස විජයදාස සහ වැඩ බලන මහ ලේකම් කීර්තිට වාරණ නියෝගයක් නිකුත් කිරීම දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීමට ගෙන තිබෙන තීරණය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි.