දේශීය ලොකු ළුණු ගොවියා රකින්න ආරක්ෂක රාජ්‍ය ඇමැති පෙරමුණ ගනී!

Date:

කොළඹ LNW:දඔුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු වගාකරුවන්ගේ ඉල්ලීම මත ඔවුනගේ අස්වැන්නට හොඳ මිළක් ලබාගැනීමට ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මැදිහත් වී තිබේ.

දඹුල්ල හා ලග්ගල ආසනයේ සමස්ත ලොකු ළූණු ගොවීන් මිට වසර ගණනාවක සිට ළූණු වගාව ඉතා සාර්ථක මට්ටමින් පවත්වාගෙන ගියද, පසුගිය කාල වකවානුවේදී මිළ පහලයාම හේතුවෙන් ලොකු ළූණු වගාවෙන් ඉවත්වීමට කටයුතු කළ අතර, ඒ හේතුවෙන් වෙළඳපොළේ ලොකු ළූණු මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි මට්ටම දක්වා වැඩි විය.

මීට පිළියමක් ලෙස මෙම වසරේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තුළින් ලොකු ළූණු වගාකරුවන් දිරිමත් කර නැවත ඔවුන් වගා කටයුතු සඳහා පොළඹවා ගන්නා ලදි.

ඒ අනුව, විශාල ගොවිබිම් ප්‍රමාණයක ලොකු ළූණු වගා කිරීමට කටයුතු සිදුකර ඇත. නමුත් මේ වන විට වෙළඳපලේ ලොකු ළූණු මිළ ඉතා සීඝ්‍ර ලෙස පහළ අගයක පවතී. ඒ හේතුවෙන් ගොවීන් මුහුණ දෙන අසීරුතාවයන් තේරුම් ගත් ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල හා ලග්ගල ආසනයෙන් පාර්ලිමේන්තුව වෙත පිවිසි මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙම ගැටළුව නිරාකරණය කර ගැනීමට මැදිහත් වීමට තීරණය කර ඇත.

පවතින මෙම තත්වය තවදුරටත් පැවතියහොත් ඉදිරියේදි ලොකු ළූණු ගොවින් තම අස්වැන්න නෙළීමේදී හා වෙළඳපලට යොමු කිරිමේදී ඔවුන්ට දැඩි අසාධාරණයක් සිදුවිය හැකි බැවින්,ලොකු ළූණු ගොවින් ආරක්‍ෂා කර ගැනිම සඳහා අවම වශයෙන් රු.250.00 ක මිළක්වත් පවත්වාගත යුතු බවත්, දැනට පවතින තත්වය ඉදිරියටත් පැවතියහොත් දැඩි මිල අස්ථාවර තත්ත්වයකට පත්ව නැවතත් මාස කිහිපයකින් ලොකු ළූණු මිළ අදහාගත නොහැකි පරිදි වැඩි විය හැක.

එබැවින් පාරි‌භෝගිකයාත් ගොවියාත් ආරක්‍ෂා කිරිමේ අරමුණින් ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත හා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කර දැනුවත් කිරිමටත් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඉල්ලිමක් සිදුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...