කාලගුණය අයහපත් : තද වැසි සමඟ අකුණු!

Date:

රෂිකා හෙන්නායක මැයි 16, කොළඹ LNW :

අද දින , දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර, බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද පැවසේ.

තවද, මධ්‍යම, නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් .වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද දන්වා සිටී

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට ප්‍රවේශම් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අඟවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...