*
Friday, May 16, 2025
spot_img

Latest Posts

අධිකරණයට අපහාස කිරීමේ තීරණය මැයි 20 වන දා

නිශ්මං රණසිංහ මැයි 16, කොළඹ LNW:

අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණයට අපහාස කළේදැයි විභාග වෙන නඩුවේ තීන්දුව මැයි 20 වන දා ප්‍රකාශයට පත්වීමට නියමිතව ඇත.එම අපහාසයට හේතුව ලෙස දක්වා ඇත්තේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රගර් නිලවරණය පැවත්වීම සඳහා අධිකරණයේ ඇති කර ගත් එකඟතාවයන් නොසළකා,අධිකරණය ට නොදන්වා ආසියානු සභාපතිවරයා විසින් යොමු කරන ලද ලිපියක් පදනම් කරගෙන නිලවරණය කල් දැමීමය.


වර්ථමානයේ තාවකාලිකය රගර් ක්‍රීඩාවේ පාළක ලෙස ද කටයුතු කරන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වය දරණ රගර් පරිපාලනය නඩු විභාගය පවතින අවස්ථාවේ විශේෂයෙන් ආරාධනා ලබා දී නවසීලන්ත – ශ්‍රී ලංකා රගර් තරගයක් නැරඹීම සඳහා නීතිපතිවරයා ගෙන්වා ගැනීම ගැන ද,නීතිපතිවරයාට අපහාස වන සේ හැසිරීමක් ද යන්නද සාකච්ඡාවට ගැණින.එසේම අධිකරණයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටිය යුතු බවට අධිකරණයට කරුණු ඉදිරිපත් නොවුණ ද,නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දක්වා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටීම ද අධිකරණයේ දී දැක ගන්නට ලැබිණ.


අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සාමාන්‍ය තර්කය අනුව අධිකරණය විසින් පනවන ලද නියෝගවලට අනුව රගර් නිලවරණයට අවශ්‍යය කරුණු සම්පාදනය කරමින් සිටියදී ආසියානු සභාපතිවරයාගේ ලිපියක් අනුව නිලවරණය නැවත්විය යුතු වේ නම් ඒ සඳහා අධිකරණය දැනුවත් කිරීම කළ යුතුව තිබිණ.අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ ආකාරයට කටයුතු නොකර ආසියානු සභාපතිවරයාගේ ලිපිය ශ්‍රී ලංකාවේ අධිකරණය ඉදිරියේ එකඟ වූ කාරණාවලට වඩා ඉහළින් තබා නිලවරණය නැවත්වීය.එම නැවත්වීම සඳහා ආසියානු සභාපතිගේ තීරණයම පාදක කර ගත් බවට ඔහු විසින් යොමු කරන ලද ලිපියේ ද පැහැදිළිව දක්වා ඇත.


ඒ අනුව රටේ පුරවැසියෙක් ලෙස වුව ද රටේ නීිතියේ විධි විධානවලට එරෙහිව යා නොහැකි නිසා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණයේ එකඟතා බිඳ,ආසියානු සභාපතිගේ උවමනාවන් ඉටු කිරීමට උත්සාහ කිරීම නිසා අධිකරණයට අපහාස වන අයුරෙන් ක්‍රියා කර ඇතැයි යන්න පෙත්සම්කරුවන් කරුණු දක්වා ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan