අඩි 50ක ප්‍රපාතයකට පෙරළී ගිය කැබ් රථය!

Date:

රෂිකා හෙන්නායක මැයි 16, කොළඹ LNW :

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදී අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වේ.

හැටන් පොලිසිය පැවසුවේ අනතුරින් එම කැබ් රථයේ රියදුරා සහ එහි ගමන් ගත් තවත් පුද්ගලයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි. අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථය තුළ සිව් දෙනෙකු ගමන් කර තිබෙන බව සඳහන් වේ.

හැටන් ප්‍රදේශයේ ජනපද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල අලිගැටපේර මිලදීගෙන ඒවා අලෙවි කිරීම සඳහා කොළඹ දක්වා ප්‍රවාහනය කරන අතරතුර මෙම අනතුර සිදුව ඇති බවත්, කැබ් රථය ධාවනය වෙමින් තිබියදී හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන එලෙස අනතුර සිදු වී ඇති බව සිදු කළ පරික්‍ෂණවලදී අනාවරණ වූ බව හැටන් පොලීසිය පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...