අල්ලස් කොමිසම විසින් චාමරගේ ඇප අවලංගු කරන්නැයි කළ ඉල්ලීම ඉවතට!

0
464

රෂිකා හෙන්නායක මැයි 16, කොළඹ LNW :

මේ වනවිට , අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරයකට අදාළව ඇප මත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (16) ප්‍රතික්ෂේප කළ බව සඳහන් වේ.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණුවලින් සැකකරුගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළ බව වාර්තා වේ.