මන්ත්‍රීවරුන් බිලිබා ගන්නා මෙහෙයුමට සජබ මන්ත්‍රීවරු හසුවන්නේ නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

විවිධ දෙස් විදෙස් කණ්ඩායම් සමග මේ වන විට මන්ත්‍රීවරුන් මුදලට බිලිබා ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩු පාර්ශ්වය ආරම්භ කොට ඇතැයි ද, ඒ මෙහෙයුම් වලට සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් හසු නොවන්නේයැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.

සමස්ත රටම බරපතළ ලෙස කඩා වැටී ඇති මොහොතක ආණ්ඩුව සිදු කළ යුත්තේ රට ගොඩනැඟීම වුවත් මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ විවිධ පක්ෂවල දේශපාලනඥයින් බිලිබා ගැනීමේ මෙහෙයුම බවයි ඒ මහතා සඳහන් කළේ.

රට ගැන හැඟීමක් තිබෙනවා නම් ආණ්ඩුව කළ යුතුවන්නේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට ඩොලර් වෙන් කරනවා වෙනුවට රටේ ජනතාවගේ අත්‍යාවශ්‍ය දෑ වෙනුවෙන් ඒ මුදල් වෙන් කිරීම බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...