සාගතය කරමුලට ඇවිත් ඇති වෙලාවක පොරොන්දු දේශය පෙන්නලා වැඩක් තියෙනවාද ?

Date:

ලංකාව මුහුණ දීලා තියෙන ඩොලර් අර්බූදයට ලංකාවේ තියෙන කිසිම දේශපාලන බලවේගයකට හෝ පුද්ගලයෙකුට උත්තර නෑ..

නමුත් මේ මහා අර්බූදයට අපි ගාව උත්තර නෑ කියලා කියන කිසිම දේශපාලන බලවේගයකට හෝ පුද්ගලයෙකුට මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ…

මේකට උත්තර නෑ, මේ අර්බූදයට ලංකාවෙ දේශපාලන පක්ෂ ගාව උත්තර නෑ කියන කටුක සත්‍ය මිනිස්සු විශ්වාස කරන්ට කැමතිත් නෑ….

පසුගිය දිනවල දේශපාලන අනාගතයක් නැති සහ බිමේ කිසිම දේශපාලන පදනමක් නැති රනිල් අගමැති කමට කරගහද්දි අනිත් අය ලොකු ටෝක් හා වංගු ටෝක් දීලා මගහරින්ට හේතුවත් මේකයි…

රනිලා මේකට කරගහලා ටිකක් හරි ගොඩ දාලා දුන්නම අපි ගන්නම් කියන යටි අරමුණ තමා මෙතෙන්දි වැඩකරේ…

අර්බූදයට උත්තරේ මොකක්ද..ඩොලර් හොයන්නේ කොහොමද කියලා මාධ්‍ය වේදීන් ප්‍රශ්න අහනකොට මේ දේශපාලන ව්‍යාපාර දෙන උත්තර අපිට පිළිගන්න බෑ…

සජිත්ට මැදපෙරදිගෙන් තෙල් දෙනවලු…

තව කෙනෙකුට යාළුවෝ ඩොලර් එවනවලු..

මේ හැම තැනකදිම ඒ අය කතාකරන්නේ ඒ අයගෙ බාල ගැලරියට…නූගත් ඕඩියන්ස් එකකට…..

මේ අය ගාව තියෙන්නේ අපිට බලය දෙන්න අපි කරලා පෙන්නම් කියන උත්තරේ විතරයි…

මෙතෙන්දි ඔවුන්ට බලය යනු සියල්ල කල හැකි මැජික් පොල්ලකි….

තව කොටසකට අනුව මේකට උත්තරේ තියෙන්නෙ සමාජවාදය තුල පමණයි..

දැන් එහෙම සමාජවාදී ලෝක තත්වයක් ඇත්තෙත් නෑ..තනි රටක එහෙම එකක් කරන්ට විභවයකුත් නෑ…

සාගතය කරමුලට ඇවිත් තියෙන වෙලාවක මෝසස්ගේ පොරොන්දු දේශය නැත්නම් කොමියුනිස්ට් ස්වර්ගය පෙන්නලා වැඩක් තියෙනවද… ?

  • ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...

නාමල්ගේ සැකය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : පක්ෂ පාට භේදයෙන්...