ඇමතිකම් ගන්න ගිය ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයින්ගේ තැත වරදී – පක්ෂයේ තීරණය දයාසිරි රනිල්ට කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාව අද (16) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වී තිබේ.

ශ්‍රීලනිපය නියෝජනය කරමින් ඊට සහභාගී වී ඇත්තේ රංජිත් සියඹලාපිටිය සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් පමණි.

එහිදී ඔවුන් දැනුම් දී ඇත්තේ ඇමතිකම් ලබාදී සිය පක්ෂය දෙකඩ කර ආණ්ඩුවට මන්ත්‍රීවරුන් ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසයි. එසේ කළහොත් ආණ්ඩුවට වැඩිදුර යෑමට නොහැකි වනු ඇතැයි ඔවුන් ප්‍රකාශ කර ඇති බවත් සඳහන්.

ඒ අනුව ශ්‍රීලනිපය ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් නොවී විපක්ෂයේ සිට ආණ්ඩුවේ හොඳ දේට සහාය ලබාදෙනු ඇති බව ප්‍රකාශ කර ඇති දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට සහාය දෙන ආකාරය පිළිබඳ තීන්දු ගැනීමේ සම්පූර්ණ බලය මෛත්‍රීපාල සිරිසේන මහතා සතුවිය යුතු බවත් ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

ඊයේ දිනය වනවිට දැනගැනීමට ලැබී තිබුණේ ශ්‍රීලනිපයේ පස්දෙනෙකුට ඇමතිකම් හිමිවනු ඇති බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...

අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...

‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : ඉතිහාසයේ...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...