ඩීසල් හිඟය නිසා අපනයන බහාලුම් ප්‍රවාහන සම්පූර්ණයෙන් නවතින ලකුණු!

ඔටෝ ඩීසල් වල පවතින හිඟය හේතුවෙන් ආනයන අපනයන බහාලුම් රථ ධාවනය විශාල අර්බුදයකට මුහුණ දී සිටින බව සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.

විශේෂයෙන් අපනයන බහාලුම් ප්‍රවාහනයට එය බරපතල ලෙස බලපා තිබෙන බවයි මංජුල මහතා සඳහන් කරන්නේ.

මෙරටට ලැබෙන ඩොලර් ආදයමනේ 60%කට වැඩි ප්‍රමාණයක් අපනයනවලින් ලැබෙන තත්ත්වයක පවතින ඉන්ධන හිඟය හේතුවෙන් හෙට දිනය වන විට එම ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිටිනු ඇති බව ඔහු කියාසිටියි.

පවතින මෙම ඉන්ධන හිඟය සමබන්ධයෙන් පෙර සිටි බලධාරීන් සමඟ සාකච්ජා කළද නිසි විසඳුමක් නොලැබුණ බවත් වත්මන් අගමැතිවරයා සමඟද ඒ ගැන සාකච්ජා කළ බව ද ඔහු සඳහන් කරයි.

මතුව තිබෙන ප්‍රශ්නයට විසඳුමක් ලෙස කොළඹ නගරය තුළ තිබෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 05ක් හා නාවික හමුදාවට අයත් පිරවුම් හල සම්පූර්ණයෙන් මෙම බහාලුම් රථ වලට ඉන්ධන ලබාගැනීමට සලස්වන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ.

එමෙන්ම ආයෝජන කලාපවල නිෂ්පාදන විශාල ප්‍රමාණයක් අවසන් කර තිබුණද ඉන්ධන හිඟය හේතුවෙන් ඒවා ප්‍රවාහනය කළ නොහැකි තත්ත්වයක් තුළ එම නිෂ්පාදන කෝටා වෙනත් රටකට වුවද යාමේ අවදානමක්ද පවතින බව හෙතෙම පෙන්වාදෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම අද!

කොළඹ LNW:කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග...

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...