තීරණය යළි වෙනස් වෙයි. චම්පික මුදල් ඇමති ධුරයට ??

Date:

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එකතු වීමට මුල පටන්ම එකඟ වී සිටි පාඨලී චම්පික රණවක මහතා පසුගිය 14 වනදා වනවිට සිය තීරණය වෙනස් කරගත් ආකාරය අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

කෙසේවෙතත් අද (16) දිනයේදී ඒ මහතා සිය සමීපතමයෙකු වන ධනුෂ්ක රාමනායක ද සමග අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් අග්‍රාමාත්‍යවරයා හමුවී ඇති අතර ඉතාම සුහදව හා මිත්‍රශීලීව සාකච්ඡා කර ඇති බවත් ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව මීට පෙරත් වෙනස් තත්වයක් යටතේ අප වාර්තා කළ ආකාරයට චම්පික රණවක මහතා බොහෝවිට නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරයට පත්වීමට නියමිත බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

මුදල් අමාත්‍ය ධුරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සන්තකයේම තබා ගැනීමට තීරණය වී තිබුණත් අද දිනයේ චම්පික රණවක මහතා සමග පැවති හමුවෙන් අනතුරුව ඒ තීරණය වෙනස් වී ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...