ශ්‍රීලංකන් පෞද්ගලීකරණය කරන්න අගමැති යෝජනා කරයි

Date:

2019 නොවැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාව සතුව ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ක විදේශ සංචිත ප්‍රමාණයක් තිබූ බවත් කෙසේ නමුත් මේ වනවිට ඩොලර් මිලියනයක් සොයා ගැනීමද දුෂ්කර වී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගෑස් නැව්ගත කිරීම සඳහා අවශ්‍ය ඩොලර් බිලියන 05 ක මුදල සොයා ගැනීමද බරපතල ගැටලුවක් වී ඇති බවයි අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කරන්නේ.

මේ වනවිට දැවැන්ත පාඩුවක් ලබමින් සිටින ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට අගමැතිවරයා යෝජනා කරයි. 2020 – 21 වසර තුළදී පමණක් ශ්‍රීලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 45 ක පාඩුවක් අත් කරගෙන ඇති අතර 2021 මාර්තු මාසය වනවිට එම ආයතනය ලබා ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 372 කි. පෞද්ගලීකරණය කිරීමෙන් තොරව මෙම පාඩුව පියවා ගැනීමට නොහැකි බවද අගමැතිවරයා පෙන්වා දෙනවා.

මුදල් මුද්‍රණය කිරීම කෙතරම් අවදානම් සහගත තත්වයක් වුවද තවදුරටත් මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බවත්, මෙම මාසයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට හෝ මුදල් නොමැති බවත් වික්‍රමසිංහ මහතා පවසයි.

ආණ්ඩුව වෙනස් වුවද පවතින ගැටලුවල වහා විසඳුම් ලබාදිය නොහැකි බවත් ඉදිරි මාස කිහිපය තුළද ජනතාවට දුෂ්කරතා විඳීමට සිදුවන බවත් පෙන්වා දෙන අගමැතිවරයා පවසන්නේ භයානකවූත් අප්‍රසන්නවූත් සැබෑ තත්වය මෙය බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...