ඩීසල් නැවක් ආවත් ජනතාවට තෙල් නැහැ.අලුත් අගමැතිටත් පෝලිම් ප්‍රශ්නයට උත්තර නැහැ! (VIDEO)

Date:

මේ වන විට ණය ආධර පදනමින් මෙරටට ගෙන එන ඉන්ධනවලින්ද ඩොලර් 10% බැගින් ගසා කෑමේ සූත්‍රයක් ක්‍රියාත්මක බව තෙල්,වරාය,විදුලි ඒකාබද්ධ සමඟි බලවේග වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසයි.

වැඩි මිලට ගෙන එන ලද කොමිස් නැව් නිදහස් කිරීමට ආණ්ඩුව සූදානම් අතර රට උගස් තියා ගත් ඩොලර් මිලියන 200 ඉතිරි ඉන්ධන නැව් හතර ගෙන්වීමට කටයුතු නොකරන බවයි ඔහු සඳහන් කරන්නේ.

පෝලිම් නැති කිරීම වෙනුවට අලුත් අගමැතිටත් මේ ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් නැති බව හෙතෙම කියා සිටියි.

ඒ අනුව දැන් ජනාධිපති,අගමැති, ඇමති සියලු දෙනා සිටියදී පෝලිමේ මෙන්ම අඳුරේත් සිටීමට සිදුවන බවයි ඔහු පැවසුවේ.

විදුලි බලාගාර වෙත ද ඩීසල් නිකුත් නොකිරීම නිසා හෙට සිට විදුලිය කප්පාදු කරන වෙලාව පැය හතේ සිට පැය 10 දක්වා දීර්ඝ වීම ආරම්භ වන බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...