කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අරුම පුදුම තරඟයක් පිලිබඳ තොරතුරු දකුණු කොරියාවේ සෝල් අගනුවරින් වාර්තා වේ.

සොල්හි නගර රජය විසින් පවත්වනු ලබන මෙම තරඟයකොසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි තෝරනු ලැබේ. එහිදී මිනිත්තු 90ක් නිදා නොගෙන, ඔවුන්ගේ දුරකථනය පරීක්‍ෂා කිරීමෙන් හෝ කතා නොකර සිටිය යුතු අතර සහභාගිවන්නන්ගේ හෘද ස්පන්දන වේගය නිරීක්ෂණය කරනු ලැබේ. නරඹන්නන් ඔවුන්ගේ ප්‍රියතම තරඟකරුවන් 10 දෙනෙකුට සිය ජන්දය ලබා දිය හැකි අතර 10 දෙනා අතරින් වඩාත්ම ස්ථායී හෘද ස්පන්දන වේගය ඇති තැනැත්තා කුසලානය ගෙදර ගෙන යයි.

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ 117 දෙනෙකු පමණි. මෙවර තරඟයට සහභාගී වූවන් අතර වේග ලිස්සා යාමේ ක්‍රීඩක ක්වාක් යූන්-ගි, ද්විත්ව ඔලිම්පික් රිදී පදක්කම්ලාභී වේ.

මෙම වසරේ සෝල් හි පැවති තරඟය ජයග්‍රහණය කරන ලද්දේ විවිධ රැකියා කරන නිදහස් නිවේදක ක්වොන් සෝ-ආ විසිනි, ඇය සිය ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, මානසික සෞඛ්‍යයට මෙන්ම ශාරීරික සෞඛ්‍යයටද ශරීරය ලිහිල් කිරීම යහපත් වන බවත්, ශරීරයට විවේකයක් ලැබිය හැක්කේ ඔබේ මොළය ලිහිල් වූ විට පමණක් වන හෙයින් මෙම තරඟය ඉතාම වැදගත් එකක් ලෙස තමන් සිතන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...