හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි

Date:

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක( RWP, RSP, VSV, USP) මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය. එසේ සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස එතුමා පත් කරන ලදී.

ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සිය මූලික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලබා ගැනීමෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යා උපාධියත් ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් තවත් උපාධියකුත් ලබා ගෙන ඇත.

1981 ඔක්තෝබර් 16 වැනි දින මහේෂ් සේනානායක මහතා 16 වැනි ශිෂ්‍යභට නිලධාරින් බඳවා ගැනීම දිගු පාඨමාලාව හරහා ශ්‍රී ලංකා හමුදාවට බැඳුනේය. පුහුණුව අවසන් කිරීමෙන් පසුව, හෙතෙම ඉංජිනේරු බලකායේ දෙවැනි ලු‍තිනන්වරයකු ලෙස පත් කරන ලද අතර, 1983 ජුනි 23 වන දින 1 වැනි ඉංජිනේරු රෙජිමේන්තුවට බැඳුණි. 1989 දී ඔහු විශේෂ ඒකක රෙජිමේන්තුවට මාරුවක් ලබා ගත් අතර එහිදී ඔහු 1 වැනි රෙජිමේන්තු විශේෂ බලකායේ බල අණදෙන නිලධාරියා ලෙස සේවය කළ අතර පසුව 3 වැනි රෙජිමේන්තු විශේෂ බලකායට අණ දෙන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හා හමුදා ඉංජිනේරුවරයකු වූ ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුවේ කර්නල්වරයෙක් ලෙස ද කටයුතු කර තිබේ. දශක තුන සිවිල් යුද්ධයේ ප්‍රධාන අදියර හතරේම ප්‍රවීණයෙකු වන ඔහු එහි උතුරු හා නැගෙනහිර පලාත් දෙකෙහිම සේවය කර ඇති අත්දැකීම් බහුල හමුදා නිලධාරියෙකි.

ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 2017 මාර්තු 22 වැනි දින යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරන ලද අතර, පසුව 2017 ජූලි 4 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් ලු‍තිනන් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති ලෙස උසස් කරන ලදී. 2019 අගෝස්තු 21 වැනි දින ඔහු ජෙනරාල් නිලයට උසස් වීමෙන් පසු හමුදාවෙන් විශ්‍රාම ගියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වොලිබෝල්වල හෙට දවසට වටිනාම dialog එක මහඋස්වැවටයි දෙබැඟමටයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ මඟ...

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...