මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අගමැති හමුවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 17, කොළඹ (LNW): අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකදී, මැතිවරණ කොමිසමේ සාමාජිකයින් පවසා ඇත්තේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පවතින බාධා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේදී ‍සිදුකරන නීති සංශෝධනයකින් බවයි.

මෙම සාකච්ඡාව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබුණු අතර, මේ සාකච්ඡාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය පැරණි පැවති ක්‍රමය හෝ අලුතින් සීමා නිර්ණය කර ඇති ක්‍රමය යන එක් ක්‍රමයට පැවැත්විය හැකි බව කොමිසම අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන් බවය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, ඒ සඳහා පළාත් පාලන මැතිවරණ නීතියට අනිවාර්යෙන්ම සංශෝධනයක් කළ යුතු බවත් එය සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළින් බවත් තමන් අග්‍රාමාත්‍යවරයාට පෙන්වාදුන් බවයි.

මීට අමතරව පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡාවට ලක්ව ඇති අතර, පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් එම ගැටලු නිරාකරණය වන බව කොමිසමේ සාමාජිකයින් අග්‍රාමත්‍යවරයාට දැනුම් දුන් සභාපතිවරයා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...