මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අගමැති හමුවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 17, කොළඹ (LNW): අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකදී, මැතිවරණ කොමිසමේ සාමාජිකයින් පවසා ඇත්තේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පවතින බාධා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේදී ‍සිදුකරන නීති සංශෝධනයකින් බවයි.

මෙම සාකච්ඡාව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබුණු අතර, මේ සාකච්ඡාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය පැරණි පැවති ක්‍රමය හෝ අලුතින් සීමා නිර්ණය කර ඇති ක්‍රමය යන එක් ක්‍රමයට පැවැත්විය හැකි බව කොමිසම අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන් බවය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, ඒ සඳහා පළාත් පාලන මැතිවරණ නීතියට අනිවාර්යෙන්ම සංශෝධනයක් කළ යුතු බවත් එය සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළින් බවත් තමන් අග්‍රාමාත්‍යවරයාට පෙන්වාදුන් බවයි.

මීට අමතරව පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡාවට ලක්ව ඇති අතර, පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් එම ගැටලු නිරාකරණය වන බව කොමිසමේ සාමාජිකයින් අග්‍රාමත්‍යවරයාට දැනුම් දුන් සභාපතිවරයා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...