චන්ද්‍රිකා වැවට අත තිබ්බොත් අපි රජයට අත තියන්න ලෑස්තියි – වලව ගොවින් සහ ධීවරයෝ

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 17, කොළඹ (LNW): ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සහ කිරිඉබ්බන්ආර වැවේ ක්‍රියාත්මක පාවෙන සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා තම මානව අයිතිවාසිකම් උල්ලංගනය වන බව පවසමින් වලව ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක් ඊයේ (16) ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළේය.


සූර්ය විදුලි බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධතාවක් නොමැති බවත් ඒ්වා චන්ද්‍රිකා වැව සහ කිරිඉබ්බන්ආර වැව මත ඉදිකිරීම නිසා තම ජීවනෝපාය තර්ජනයකට ලක්වීමේ අවධානමක් පවතින බව මෙම පිරිස සඳහන් කලේය.


මෙම චන්ද්‍රිකා වැවෙන් හෙක්ටයාර 75000කට අධික වගා බිම් ප්‍රමාණයක් පෝෂණය වන බවත් මෙම වැවෙන් පානිය ජලය ලබාගන්නා පිරිස 45000කට ආසන්න බවත් මෙම පිරිස සදහන් කළේය. තවද 400කට අධික පිරිසක් මෙම වැව ආශ්‍රිතව ධිවර කර්මාන්තයේ නිරතවෙන බව පැවසේ.


වැව මත පාවෙන මෙම සුර්ය විදුලි බලාගාර වලට අවශ්‍ය ජල මට්ටම පවත්වා ගැනීම අවශ්‍ය නිසා ඉදිරියේදී තම වගා බිම් සඳහා අවශ්‍ය ප්‍රමාණයට ජලය නිදහස් නොකිරීමේ අවධානමක් මතුව ඇති බව වලව ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය අවධාරණය කළේය.


මෙම අවස්ථාවට සහභාගිවු ජල පාරිභෝගිකයින් සඳහන් කළේ මෙම සූර්ය විදුලි බල පද්ධතිය ඉදිකිරීම සඳහා යොදා ගන්නා ඇලුමිනියම් සහ වැව මත අතුරන ප්ලාස්ටික් පාදම දීර්ඝ කාලීන හිරු එළියට නිරාවරණය වීම නිසා මයික්‍රොප්ලාස්ටික් සහ ඇලුමිනියම් බැර ලෝහ වැව් ජලයට එක්වනු ඇති බවයි.

මේ නිසා ඉදිරි වසර දහය තුළ මෙම ප්‍රදේශයේ ජනතාවගේ ජන්මානුසෛල වලට බලපෑම් ඇති වීමේ අවධානමක් පවතී. මේ නිසා විකෘතිතා සහිත දරුවන් ඉපදීමේ තත්වයන් ඇතිවිය හැකි අතර වකුගඩු රෝග, පිළිකා සහ සම ආශ්‍රිත රෝගී තත්වයන් බහුල වනු ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...