කොළඹ මහ නගර සභාව ගැන පොහොට්ටුව තීරණයක් අරන්?

Date:

කොළඹ LNW:කොළඹ මහ නගර සභාව පිහිටුවීම වෙනුවෙන් විපක්ෂයට සහය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව පක්ෂ සමඟ එකතුවීමකට නොගොස් එම සහය දීමට පොහොට්ටුව තීරණය කර ඇති බවයි දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් අද පස්වරුවේ තලවතුගොඩ මොනාච් ඉම්පීරියල් හී දී සාකච්ජාවක් පවත්වා තිබෙන අතර ඊට සමඟි ජන බලවේගයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරු ඇතුළු කිහිප දෙනෙක් එක්ව ඇති බව සඳහන්.

මේ අතර කොළඹ මහ නගර සභාව පිහිටුවීමට ආණ්ඩුවට සහය දීමේ තීරණයක් ගෙන නොමැති බව එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා ඇති බවයි වාර්තා වන්නේ.

අවසන් වූ පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 05ක් හිමි විය.

ආණ්ඩු පක්ෂයට ආසන 48ක් හිමි වූ අතර විපක්ෂයේ සමඟි ජන බලවේගයට ආසන 29ක් සහ එක්සත් ජාතික පක්ෂයට අසන 13ක් ලැබී තිබුන අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට අසන 4ක්,ස්වාධීන කණ්ඩායම 3 වෙනුවෙන් අසන 3ක් ලෙසත් සර්ව ජන බලයට අසන 2ක් සහ තවත් අසන 13ක් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් අතර බෙදී ගොස් තිබේ.

කිසිදු පක්ෂයටකට හෝ කණ්ඩායමකට 50%ක ජන්ද ප්‍රතිශතයක් නොමැති වීම මත සෘජුවම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට හැකියාවක් නැති හෙයින් බහුතරය පෙන්වන කණ්ඩායමට සභාව පිහිටුවීමේ හැකියාව පනතින් ලැබී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...