*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

රනිල්ට රට ගොඩ ගන්න බැරි වුණොත් ඔහු බිම හෙලන්නට වෙන කවුරුවත් උවමනා නැත

ලෝක වාර්තාවක් තබමින් පාර්ලිමේන්තුව තුළ එක් ආසනයක් පමණක් හිමි රනිල් වික්‍රමසිංහ නව අගමැති ලෙස පත්ව සිටියි.එමෙන්ම රනිල්ගේ මෙම පත්වීම සම්බන්ධ විවේචන බොහෝ ය.මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ද රනිල් වික්‍රමසිංහගේ පත් වීම ගැන පසුවනුයේ බරපතල නොසතුටකිනි.අප රටේ ප්‍රධානතම ආගමික ප්‍රජාවක් නියෝජනය කරන නායකයකු යම් දේශපාලන පත්වීමක් ගැන මෙතරම් නොසතුටින් කතා කළ අවස්ථාවක් මෑතක දී අප අසා නැත.නමුදු එය එතුමන්ගේ පෞද්ගලික මතය ද නැතහොත් කතෝලික රදගුරු සමුළුව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය කතෝලික ප්‍රජාවේ හඬ ද යන්නත් පැහැදිලි නොමැත.. මේ අතර රනිල් වික්‍රමසිංහ මේ සිදු කරනුයේ රාජපක්ෂවරු බේරා ගැනීමේ “මාලිගා කුමන්ත්‍රණයක්’ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කියයි..එහෙත්,රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ පරපුර සතු මාලිගා මොනවාදැයි ඔහු කීයේ නැත.

නමුදු නව ධනේශ්වරවාදය තුළ ඉස්මතු වූ කුවේර පැළැන්තිය හා රනිල් වික්‍රමසිංහ අතර ඇති සම්බන්ධය ද එතරම් පැහැදිලි නැත. නමුදු නව අගමැතිවරයාට මුහුණ දීමට සිදුව තිබෙන සැබෑ අභියෝග මේවා නොවේ. තවමත් අප රටේ ගෑස් නැත. ඉන්ධන නැත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් පවතී. රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළන මට්ටමට ඖෂධ හිඟයක් ද තිබේ. කාබනික පොහොර සරදම මුල් කොට ගත් පොහොර හිඟය තාමත් එලෙසම ය. මේ සියල්ල ඔහු හමුවේ පවතින සැබෑ අභියෝගයන් ය. එසේම මහා භාණ්ඩාගාරය තුළ ඩොලර් සංචිත ලෙස ඇත්තේ ඩොලර් මිලියන 50 ට ත් වඩා අඩු ප්‍රමාණයකි. එයින් රටට අවශ්‍ය එක් ද්‍රව්‍යයක් හෝ ආනයනය කිරීමට ප්‍රමාණවත් නැත.මේ සියළු තත්වයන් යටතේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට අලුතින් මුදල් මුද්‍රණය කළ යුතු වන බව ද ඔහු කීය.රටක් වශයෙන් බලන විට මේවා සුළු පටු කාරණා නොවේ.

අගමැතිවරයාට මේ සියල්ලට විසදුම් සොයා ගැනීමට නම් ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගමැතිවරයාට සහාය දක්වන බව ප්‍රකාශ කර සිටියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ තමන් ඇමතිධූර භාර නොගත්ත ද අවශ්‍ය මොහොතේ දී ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කරන බව ය. පක්ෂ 11 කණ්ඩායම දැන් 10 ක් වී ඇති අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ ඔවුන් ගේ සහාය නව අගමැතිවරයාට හිමි නොවන බව ය.එහෙත්, රටට හිතකර කාරණාවල දී සහාය දෙන බව ද කියා සිටියි.

උපහැරණ ,පිරුළු මඟින් ජනතා අවධානයට ලක් වන ඔහු රනිල් වික්‍රමසිංහ යනු බැසිල් රාජපක්ෂ ටයිකෝට් හැඳ සිටින අවස්ථාවක් ලෙස පවසා සිටියි.මේ අතර දෙමළ පක්ෂ හා මුස්ලිම් පක්ෂ ද අවශ්‍ය විටෙක සහාය දෙන බව කියා ඇත. මේ අතර සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය කියන්නේ ඔවුන් රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන බවකි. එසේම රනිල් වික්‍රමසිංහට බහුතරය නැති බව ද ඔවුහු පුන පුනාම කියති.මේ අතර සමගි ජනබලවේගය සිය කණ්ඩායමට බහුතරය ඇති බව පෙන්වා සිටීමට මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමේ ව්‍යාපෘතියක ද නිරතව සිටියි.. ඔවුන් කියන්නේ ශ්‍රීලනීපය, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ඇතුළු කණ්ඩායම්වල සහාය හිමි වන්නේ තමන්ට බවය. එම නිසා රනිල් වික්‍රමසිංහට බහුතරය නැති බව පෙන්වන බව ඔව්හු කියති.

සියළු කාරණා එසේ තිබියදී රාජිත සේනාරත්න ද බෝම්බයක් පත්තු කළේය. එනම් ආණ්ඩුවට එකතු වන ලෙසට මේ වන විට මන්ත්‍රීවරුන් මුදලට එහා මෙහා වන කාලය පැමිණ ඇති බවකි. එක මන්ත්‍රීවරයෙකුගේ වටිනාකම ලක්ෂ 1000 ක් බව ඔහු කියයි. සමාජ මාධ්‍ය මෙය හදුන්වා දී තිබුණේ කිඹුලා 2 නාටකය ලෙසය.ඉකුත් ජනාධිපතිවරණ සමයේ එවක රජය මිනිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කොට කිඹුලන්ට දමන බවට පුද්ගලයන් දෙදෙනෙකු මාධ්‍ය හමුවට පැමිණ කීවේ රාජිත සේනාරත්නගේ කාර්යාලයේ සිට ය. අවසානයේ ඔවුන් දෙදෙනා පැවසූවේ රාජිත සේනාරත්නගේ මුදල් ගෙන ඔවුන් මේ බව කියූ බවකි. ජනාධිපතිවරණයෙන් පසු රාජිත සේනාරත්න මෙම අසත්‍ය චෝදනා සිද්ධිය පදනම් කරගෙන අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරනු ලැබීය.එමෙන්ම ඔවුන් ඉකුත් ජනපතිවරණ සමයේ කී මතු බිහිවිය හැකි ගෝඨාභය රාජපක්ෂ නම් මිනී මරු පාලකයා ද දැන් නැත.මෙවර වෙසක් දින පණිවිඩය මඟින් ජනාධිපති වරයා සාමූහිකත්වය මත පදනම් ව තීන්දු තීරණ ගත යුතු ලිච්චවී පාලන ක්‍රමයක අගය අවධාරණය කොට තිබේ.මෙය කිසිදා ඔහුගේ සොයුරු මහින්ද රාජපක්ෂවත් නොකී කතාවකි.

මේ සියලු තත්වයන් තුළ මහ බැංකු අධිපතිවරයා කියන ආකාරයට රුපියල් සංචිත ද රට තුළ නොමැත එවැනි අවස්ථාවක මෙලෙස මුදල් ලැබෙන්නේ කෙසේද? යන පැනය මතුවේ. එය විදෙස් රටවලින් ලැබෙන්නේ නම් ලංකාවට විශාල ඩොලර් ප්‍රමාණයක් ලැබෙන අවස්ථාවකි. සජබ ඇතැම් මන්ත්‍රීවරුන් නම් කතා වන්නේ රාජිත සේනාරත්නගේ ප්‍රකාශය මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතුවීම වැළැක්වීම උදෙසා කරන ලද ප්‍රචාරයක් බව ය.එමෙන්ම අවස්ථානෝචිත කඩිනම් තීරණ ගැනීමේ දී සජිත් ප්‍රේමදාස දක්වන අව්‍යක්ත භාවය පිළිබඳ කතා බහක් සජබ තරුණ මන්ත්‍රී වරුන් අතර පවතී.සියල්ල එසේ වුව ද ලංකාව තවම සිටින්නේ ලබන සතියේ ආහාර ඇතුළු අනෙකුත් භාණ්ඩ නොමැති සාගතයකට මුල පිරෙන වකවානුවක ය. මෙය ඉතා බරපතල අර්බුදයක් වුවද සජබය හා විපක්ෂ කණ්ඩායම් කිහිපයක් එය පසෙකලා රනිල් පත්වීම ගැන තවමත් කතා කරමින් සිටීම ඛේදවාචකයකි.

රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව කමිටු හතරක් පත් කළේය.එමෙන්ම රට තුළ ඉදිරි දින,සති කිහිපය තුළ උද්ගත වන තත්වයන් ඒවාට දිය හැකි විසඳුම් සහ ඒ අර්බුද සමනය වීමට ගත වන කාලය ගැන ද ඔහු පුරෝකතන ඉදිරිපත් කොට තිබේ.අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබද කමිටුව, ඉන්ධන හා ගෑස් අර්බුදය පිළිබද කමිටුව, ඖෂධ හිඟය ගැන සොයා බැලීමේ කමිටුව, පොහොර කමිටුව ඉහත සඬහහන් කමිටු හතර වේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබද කමිටුවට පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර හා සභාපති වජිර අබේවර්ධන ද, ඉන්ධන හා ගෑස් අර්බුදය සෙවීමේ කමිටුවට සගල රත්නායක ද, ඖෂධ කමිටුවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ද, පොහොර කමිටුවට අකිල විරාජ් කාරියවසම් ද පත් කර තිබේ.

නව අගමැතිවරයාට පැවැරී ඇති කඩිනම් වගකීම වන්නේ විශේෂඥයන් සමඟ සාකච්ඡා කොට මේ අර්බුද විසඳන ආකාරය ගැන යෝජනා ඉදිරිපත් කිරීම ය. මේ අතර තානාපතිවරුන් පිරිසක් සමඟ ද අගමැතිවරයා කතා කළේය. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරිය ඉන්දීය මහ කොමසාරිස් වරයා ඇමරිකා ,හා චීන තානාපතිවරු ද ඒ අතර වූහ. නමුත් රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඇති අර්බුදය තවමත් එලෙසම ය. එකවර විසදුම් දෙන්නට ඔහු ප්‍රාතිහාර්ය පාන්නෙකු නොවන බව නම් විශ්වාස ය.

එහෙත් අර්බුදය අවසන් කරතැයි ජනතාවගෙන් බහුතරයක් විශ්වාසයෙන් සිටින බව නම් සහතිකය. එහෙත්, මේ සියළු අවිනිශ්චිතතවයන් හමුවේ රනිල් වික්‍රමසිංහ පිළිබඳ අතුරු කතා ඉස්මතු කිරීම ගින්නක් නිවීමට වතුර බවුසරයක් පදවා ගෙන එන තැනැත්තා අතර මඟ නතර කොට ඔහුගේ රියැදුරු බලපත්‍රය ආදී ලියැවිලි පරීක්ෂා කිරීමක් වැනියැයි යමකුට සිතෙන්නට පුළුවන.එසේම මේ සම්බන්ධයෙන් අවසන් වශයෙන් කිව යුත්තේ රනිල් වික්‍රමසිංහට වත්මන් බිහිසුණු අභියෝගයට මුහුණ දී රට ගොඩ ගන්නට බැරි වුවහොත් ඔහු බිම හෙළීමට ඔය කියන කිසිවකුත් අනවශ්‍ය බවය.
විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan