*
Thursday, October 31, 2024
spot_img

Latest Posts

බුද්ධ රූපයට වහං වි රට ගිණි තැබීම දකින විමුක්ති සහන්ගේ බුදුන්

ලංකාවේ බුදු පිළිම තැනෙන හැටි ගැන විවරණයක යෙදෙන්නේනම් එය එක්තරා ආකාරයක ඉඩම් අත්පත් කර ගැනීමේ මෙහෙයුමකි.පාරක් අයිනට කුණු එකතු කර එය පුරවා පසුව එතැන බුදු පිළිමයක් අටවන බෞද්ධයෝ එය පුන්‍ය භූමියක් කර ගන්න හැටි ගැන පසුගිය කාලයේ උදාහරණ බොහෝය.පසුව බෞද්ධ දායක දායිකාවෝ එහි ඩ සාප්පු සංකීරණ පවා ඉදි කරගෙන පිං රැස් කරන්නට පටන් ගන්නේ එම භූමියට වැඩම කරන බෞද්ධ භික්ෂුවකගේ ආධාරය,උපකාරය සහ ආශිර්වාදය ද ඇතුවය.

එවැනි සංස්කෘතියක ගෝල්ෆේස් අරගල භූමියේ අඳි බුද්ධ ප්‍රතිමාවකින් මුළු සම්බුද්ධ ශාසනයම විනාශ වෙන බවට කරුණු දක්වමින් කෑ ගසන පිරිසකි.ඒ ඕනෑම කුණු ගොඩක් පුද බිමක් කර ගන්නට තරම් සීලවන්ත පරපුරය. තමන්ට ඕනෑ හැටියට රටේ බුදු දහම සකසා ගන්නට රාජපක්ෂ නිකාය හදන්නට දත කෑමේ ප්‍රතිපලයක් ලෙස සාතිශය බෞද්ධයන් වූ ඔව්හූ මේ වෙලාවේ ජාතීන් අතර,ආගම් අතර හදන බෙදීමට උත්සුක වන අතරේම, නිර්මාණශීලී විදිහට සමාජය දකින්නෙකුගේ පැවත්මෙන් රාජපක්ෂ නිකායට වෙන හානිය ගැන අනු දැන කරන එවැනි ප්‍රකාශන බොල් කිරීමට ද වෙහෙසෙති.නමුත් ඒ වෙහෙස සමඟ නැඟෙන මහා හඬ දෝංකාරය පවසන්නේම ඒ ක්‍රියාවේ ඇති හිස්කමය,බොල්කමය.එහෙත් නොපිරුණු හිත් ඒ හිස්කමේ ශබ්දයෙන් සසැලෙන,ඒවා ප්‍රතිරාව නංවන බව අමතක නොකළ යුතුය.

ගෝල්ෆේස් අරගල භූමියට එක්වෙන මේ සටහන සමඟ වන විමුක්ති සහන්ගේ බුද්ධ සිතුවම වෙසක් දවසේ උවැසියන්ට වැද වැටී මලු පුදන්නට සිතුවම් කළ එකක් නොවේය.එය නිර්මාණයකි.අරගලයට පාදක වූ එහි කටුක සථ්‍යය විද්‍යාමාන කරන නිර්මාණයකි.නමුත් සැබෑ බෞද්ධ කියවීමක් ඇති අයෙකුට එය බෞද්ධ ප්‍රතාශනයක් ලෙස අගයන්නට ද බොහෝ කරුණු ඇති සිතුවමකි.

පළමුව එයට යොදාගෙන ඇති මාධ්‍යය අඟුරුය.කුඩා කළ මීට දශක ගණනකට පෙර සෑම ගෙදරකම අඟුරු ද එහි බිත්ති මත කුඩා දරුවන් සිටිනම් අඟුරු රූපද අපට අමුතු නැත.චිත්‍රකරණයේ පිවිසුමට වර්ණ ගැන්වීමේ නැත්නම් රූප ඇදීමේ ප්‍රවේශය ලැබෙන මාධ්‍යයක් හැටියට අඟුරු අපට අමුතු නැත.නමුත් තාක්ෂණික සහ වානිජමය වශයෙන් ලෝකය පුළුල් වෙද්දී සුලබ නැති අඟුරු වෙනමම වටිනා සිතුවම් හැඩ කරණ වර්ණ මාධ්‍යයක් වෙන්නේය.දැනට අඟුරුවලින් කරන ලද වැඩිම මිල චිත්‍රය වන්නේ රැපියෙල් ෂැන්ෂියෝගේ ඩොලර් මිලියන 47ත9 ට අලෙවි වූ “Head of a Young Apostle,” සිතුවමය.

ලංකාවේ ද අඟුරු භාවිතා කරමින් නිර්මාණ කරණයේ යෙදෙන අවස්ථා ඇත.සුජිත් රත්නායක මීට දෙවසරකට පමණ උඩදි අඟුරුම මාධ්‍ය කරගත් චිත්‍ර ප්‍රදර්ශණයක්ද පැවත්වීය.ඒ අඟුරු මාධ්‍ය කරගෙන සහන් විසින් නිර්මාණය කරන ලද චිත්‍රය තබා තිබෙන්නේ අරගල භූමියේය.අරගල භූමියේ සිත්පිත් නැති රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක් වූ බිමකය.තවත් ආකාරයකින් විචිත්‍රවත්ව පැවති,ගිණිතබා මැර දේශපාලනය විසින් අළු දූවිලි ඉතිරි කර තැබූ බිමකය.
ඒ ගින්න ඇවිලෙන්නට පාදක වූ දේශපාලනයේ ක්‍රියාව ජඩ දේශපාලනය සහ එය වසාලන ආගමික ආශිර්වාදයේ ක්‍රියාවකි.නිරායුධ සහ අහිංසාවාදී අරගලයට ත්‍රාඩ දේශපාලනයේ ප්‍රහාරය එල්ල වන්නේ මැයි 9 දා ය.මැයි 8 දා අටමස්ථානයට යන අග්‍රාමාත්‍යවරයා ජයසිරි මහා බෝධියට ද කැඳවා ගෙන ගොස් ආශිර්වාද ලබා දෙන්නට පියවර ගන්නේ සංඝයා ය.පිරිත් නූල් පුරවා බැඳගෙන පැමිණෙන මහින්ද රාජපක්ෂ මයිනාගෝගමට බාධා වන ලෙස විකාශය කළ පිරිත් විකාශයෙන්ද පෙන්නන්න හැඳුවේ බෞද්ධකමය.ඒ ඔවුන්ගේ ජඩකම් වසා තබන ආරක්ෂක සේප්පුවය.එයට ආශිර්වාද කරන රාජපක්ෂ නිකායේ සඟරුවන ගැන නිදසුන් බොහෝය.එහෙත් මේ ප්‍රහාරයේදී ඊට හොඳම නිදසුන් සැපයුවේ නිහඬ අවිහිංසාවාදි අරගලකරුවන්ට පහර දුන් මැරයන් පළවා හරින්නට ජලප්‍රහාර එල්ල කරද්දී ඒ යන්ත්‍රයක එල්ලී එය නවත්වන්නට වෙහෙස දරන භික්ෂුවය.

කෙසේ හෝ ඒ ප්‍රහාරය වන විට පිරිත් විකාශය මෙන්ම අටමස්ථානයේ ආශිර්වාදය ඇතිව මහා බෞද්ධයා වී සිටි රාජපක්ෂගේ අරලියගහ මන්දිරයෙන් නික්ම ආ පොලු මුඟුරු මෙන්ම වෙනත් තියුණු ආයුධ සහිත මැරයෝ මේ අරගල භූමියට පහර දුන්හ.ගිණි තබා විනාශ කළහ.බෞද්ධයෙකුට බෞද්ධාගමට සපුරා පටහැනිව බෞද්ධාගම ද යොදා ගනිමින් කරන ලද පහර දීම ඇතුළේ පැහැදිළිව බුදු කෙනෙක් පෙනේද?මහා කාරුණිකයා වූ බුදු හිමි හෝ උන් වහන්සේගේ දර්ශණය ඒ ප්‍රහාරය හමුවේ ඔබට දැකිය හැකිද?

ඇත්ත ඊට වඩා වෙනස් නේද?හදවතේ සැබවින්ම ජීවත්වන්නේ බුද්ධ දර්ශණයනම් ඔබට මේ මොහොතේ ඒ බෞද්ධකම ස්වීය ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් ඝාතනය කර නිර්මාණාත්මක සහ නිර්නාමික බෞද්ධකමක් වන්දනා කරන සමාජය පෙනිය යුතුය.විමුක්ති සහන් එය දකියි.එය නොදකින අයගේ අර්බූදය ඇත්තේ විමුක්ති සහන් තුළ නොවේය.තමන් බෞද්ධකම ලෙස භාරගෙන තිබෙන රාජපක්ෂ නිකායේ සරල ක්‍රියාවලිය භාහිර රූපාවලියකි.පිංකම්,පෙරහැර,උච්චස්වර සාදුකාර සහිත ඒ ක්‍රියාවලියේ එකතැනෙකදී රාජපක්ෂ නවතින්නේ බෞද්ධාගමේ ලාංකික උරුමක්කාරයා වී ය.ජැක්සන් ඇන්තනි නම් රාජපක්ෂ ශ්‍රාවකයා එයට අවශ්‍යය නෑ සබඳතාවයන්ද ප්‍රසිද්ධ කර අනුගාමිකයන්ගේ හදවතේ තැන්පත් කර අවසන්ය.

ඒ බෞද්ධයාට වැදගත් පිංතූරය ය.ඒ දිග පළලෙන් මෙපිට චිත්‍රය නිර්මාණය වන පසුබිම අදාළ නැත.එයින් බෞද්ධකමට සිඳුවන හානිය අදාළ නැත.විනාශකාරී ගිණි තැබීමේදී,පහරදීමේදී බෞද්ධ භික්ෂූන්ට කරන ලද පහරදීම් ද අදාළ නැත.

යුද්ධයේ මරාදැමීම්වලට ආශිර්වාද කරන පිරිල් නූල් බඳින,දෙමළුන් වැඩි පිරිසක් මැරූ විට නිර්වාණය ඉක්මණින් ළඟාවන බව කියන්නට රාජපක්ෂ නිකායේ හාමුදුරුවන් හදපු සංස්කෘතිය තුළ එකතු කරන ලද රණකාමය සහ බෞද්ධකමේ සබැඳීයාව රට බොහොම නරක තැනකට ගෙන ගොස් තිබෙන බව සහ බෞද්ධකම විනාශකාරි මාර්ගයක් බව දැනෙන්නට පටන්ගෙන තිබෙන බවත් ඔබට දැන් දැනෙන්නේ නැත. එය දිනෙක ඔබට දැනෙන ඔබේ අසාධාරණයට එරෙහිව සාධාරණය අපේක්ෂා කරන මොහොතක ඊට එරෙහිව දොරකඩෙන් ඇතුළුව පොලු මුඟුරු පහර ද,ඉන් නොනැවතී යකඩ උණ්ඩද සමඟ එත්තු ගන්වන තුරුම විමුක්ති සහන්ගේ බෞද්ධ ප්‍රකාශයේ තිබෙන ඇත්ත තේරුම් ගන්න අපහසුය.

එවැනි දවසක බෞද්දකම ගැන දැනෙන ඔබ සමහර විට සකලවිධ කෙළෙසුන් නොනැසූ අයෙක් ලෙස,ආත්මීය වශයෙන් දැනෙන දරාගත නොහැකි කම්පණයෙන් සිය දිවි නසා ගන්නට ද ඉඩ ඇත.පුළුවන්නම් හිතන්න.අඟුරු අළු වූ සොඳුරු ආදරණියකම්,මනුස්සකම් ගැවසුණු භූමියක,බෞද්ධකම දඩමීමා කරගෙන පැමිණි මැරයන් ගේ තුච්ඡකම් හමුවේ ඔබට ඒ අළු දූලි නටබුන් මැද සැබෑ බුදුදහමක් පෙනෙන්නේද?ඔබට එය බෞද්ධයෙක් හැටියට ආත්ම ආඩම්බරය ගෙනෙන්නේද?ජීවිතය එපා වන තරමේ කළකිරීමක් ඇති කරන්නේද?ඔබ සාමාන්‍ය බුද්ධ රූපය පසෙකලා,ඊට එරෙහි වූ රූපයට බෞද්ධ දර්ශණය පැහැදිළිව දර්ශනය වන්නේද බව පමණක් සිතන්න.

ඒ සිතුවම,ඊට අදාළ සමාජ දේශපාලනික පසුබිම,ඊනියා බෞද්ධකම,එය යොදාගෙන සිඳු කරන අමානුෂික ප්‍රහාරය හරයට තේරුම් ගන්න අපහසු කෙනෙක්ට දිනෙක පිරිත් නූල් එකට කැටි කොට තැනූ මහා කඹයකින් ගෙල සිර කර මරා දමන තෙක්ම විමුක්ති සහන් හෝ ඔහු කියන පිරිසිදු බෞද්ධ දර්ශනයට සිඳු වි තිබෙන විපත තේරෙන්නේ නැත.සමහරක් දෙනෙක්ට නොතේරුම් ගැනීම සහ තේරුම් ගැනිම වැළක්වීම රැකියාව සහ පැවත්ම වූ කලී එසේ තේරුම් ගන්නට අවශ්‍යයත් නැත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan