පුටින් අසනීපයෙන්! – යුක්රේන ආක්‍රමණය අවසිහියෙන් ගත් තීරණයක්!

Date:

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කළේ සංජානන දුර්වලතාවන් හේතුවෙන් යැයි මෙට්‍රෝ පුවත්පත සිය ‘ගොසිප්’ කොලමක දක්වයි.කෙසේ නමුත් මෙම මතය සනාථ කිරීම සඳහා ඔවුන් විසින් විශේෂඥ මත කිහිපයක් ගෙන හැර දක්වා ඇත.

ඒවායින් පෙන්වා දෙන්නේ පුටින් බොහෝ විට පිළිකා තත්වයකින් පීඩා විඳින බවයි.

පිළිකා රෝගීන් cognitive impairment හෙවත් සංජානන දුර්වලතාවලින් පෙළීම සිදුවිය නොහැකි දෙයක් නොවේ.

නමුත් පුටින්ගේ අරුමය වන්නේ, බොහෝ විට ජීවිත අවදානමක් ඇති ඔ්නෑම අයෙකු තමන්ගේ අවසාන කාලය ගත කිරීමේදී පෙර පැවති ජීවන පුරුදුවලින් බොහෝ දුරට වෙනස් වීමට නැඹුරු වුවත්, පුටින් එහිම ඇලී ගැලී සිටීමයි.

පිළිකාව සහ පුටින් යන මාතෘකාව පිළිබඳ ලෝකයේ ශීර්ෂපාඨ මැවුණේ පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ද පෙර ය. ක්‍රෙම්ලින් නායකයා මේ වනව විට පිළිකා තත්වයට කීමෝතෙරපි ප්‍රතිකාර සහ ස්ටෙරොයිඩ් ප්‍රතිකාර ලබාගනිමින් සිටින බවට සැක පළ වේ.

මෙම cancer-related cognitive impairment තත්වය හේතුවෙන් රෝගියාට ‘අවධානය රඳවාගත නොහැකි වීම’ සහ සරල දේවල් මතක තබාගැනීමට අසමත් වීම සිදුවිය හැකිය.

තවද සවිඥානික ලෙස සිතා බැලීමකින් තොරව ‘උමතු’ පන්නයේ තීරණ (‘crazy decisions’) ගැනීමට ද ඔහු පෙළඹෙයි.

ක්‍රෙම්ලිනය සුපුරුදු පරිදි පවසන්නේ පුටින් ‘සුවයෙන්’ පසුවන බවයි. නමුත් ඔහු නිල සාකච්ඡාවලදී සෙසු අයගෙන් ඉතා ඈත්ව සිටීම සඳහා ඉතා විශාල මේසයක් ඉදිරියේ අසුන් ගැනීම සිදුකරයි. එය කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා ඔහු විසින් ගනු ලබන පෙර සූදානමක් ලෙස ද අර්ථ දැක්වේ.

මේ අතර නම හෙළි නොකරන පිළිතා රෝග විශේෂඥවරියක විසින් කරන ලද අදහස් දැක්වීමක් ලන්ඩනයේ මෙට්‍රෝ වෙබ් අඩවිය දක්වයි. එයට අනුව,

”පුටින් තමන්ගේ දේහ සමබරතාවය රඳවා තබාගැනීමට විශාල වෙහෙසක් ගන්නවා. ඔහුගේ අවධානය ලෙහෙසියෙන් බිඳී යන බව පෙනෙනවා. මේ සියල්ල මොළයට කීමෝ තෙරපි ප්‍රතිකාර බලපා ඇති බවට සාක්ෂි”

යැයි සඳහන් වේ.

මේ අතර, පුටින් පාකින්සන් වැනි ස්නායු රෝග තත්වයකින් පෙළෙන බවට ද පුවත් පළ වේ. එසේත් නැතිනම් ඔහු මතකය අහිමි වීමේ ඩිමෙන්ෂියා රෝගී තත්වයෙන් පෙළෙනවා ද විය හැකිය.

මෙම ලිපිය අප විසින් ලියන ලද්දේ කිසියම් රෝගයකින් පෙළෙමින් සිටින තැනැත්තන්ව අපහසුතාවයට පත් කිරීමට නොවේ. පුටින් සැබවින්ම මේ මොහොතේ හැසිරෙන්නේ සිය මොළයේ සමබරතාවය අහිමි වී ගිය පුද්ගලයෙකු ලෙස ය. නමුත් 2014 යුක්රේන විරසකයෙන් පසුව පුද්ගලයන් 10,000 කට වඩා දැනට මරු තුරුලට යවා ඇති 2022 යුක්රේන රුසියා යුද්ධයට රුසියාව ඈඳෙන්නේ සම්පූර්නයෙන්ම පුටින්ගේ තනි මතය නිසා ය. එය හුදෙක්ම උන්මත්තක තීරණයකි. ‘තුන්වැනි ලෝක යුද්ධය’ යැයි ඔහු විසින්ම අන්වර්ථ නාමයක් ලබා දී ඇති මේ යුද්ධය ආරම්භ කිරීමට තරම් පුටින්ට තිබෙන අසනීපය කුමක්දැයි ලෝකයම දැන් සොයමින් සිටියි. ලන්ඩනයේ මෙට්‍රො පුවත්පත මෙම ලිපිය පළ කරන්නේ එම පසුබිම තුළ ය.

OUTBOUNDTODAY AMALI JAYAWEERA

මුල් ලිපිය – Vladimir Putin invaded Ukraine due to cancer-related cognitive impairment, expert says

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ පොසොන් කලාපයට සාංචි අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඩම කරති!

කොළඹ LNW:ජයවර්ධනපුර රෝහල් මාවතේ මාදිවෙල සම්බුද්ධාලෝක විහාරය කේන්ද්‍ර කර...

පානදුරෙන් පෙරළියක් – අර්ධ අවසන් පූර්ව තරගවලදී සීසීසී,එන්සීසී සහ මුවර්ස් ද ජය ලබයි

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

එයාර් ඉන්දියා ගුවන් අනතුරින් බේරුණු ලක්කාරයා!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එයාර් ඉන්දියා...

ලෝකෙ අංක දෙකයි ලංකාවේ අංක එකයි ජූනි 13 කොළඹදී ගැටෙයි

නිශ්මං රණසිංහ ජුනි 12, කොළඹ LNW: ලොව අංක දෙකට ශ්‍රේණිගතව...