සාපෙළ සිසුන්ට මාර්ගගත සංශෝධන කිරීමේ හැකියාව 18 රෑ 12 ට අවසන්

Date:

මෙවර සාපෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍රය මේ වන විටත් ලැබී නැත්නම් එය මාර්ගගත (ඔන් ලයින්) ක්‍රමයට ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසනවා.එසේම ඔහු නිකුත් කරන විශේෂ නිවේදනය යටතේ එම ප්‍රවේශ පත්‍රයේ නාම සංශෝදන,විෂය සංශෝධන හෝ මාධ්‍යය සංශෝධන ඇත්නම් https://onlineexams.gov.lk/eic හරහා එම සංශෝධන කර ගැනීමට 2018 රාත්‍රී 12 වන තෙක් පහසුකම් සපයා තිබෙන බව ද ඔහු පෙන්වා දෙනවා.

විබාග කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සිංහල මාධ්‍යයෙන් පරික්ෂා කිරීමේදී “අ.පො.ස.(සා.පෙළ) විභාගය – 2021(2022)- විභාග ප්‍රවේශ පත්‍රය” ලෙස දැක්වෙන අයිකනයෙන් ප්‍රවේශ පත්‍රය ලබාගෙන සුදුසු නිර්දේශයන්ට අනුව යමින් සහතික කරගත යුතු පුද්ගලයෙකුගෙන් සහතික කර විභාගයට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා.

ඉංග්‍රිසි මාධ්‍යය පරික්ෂා කරන අයෙක්ට එය “G.C.E.(O/L) Examination – 2021(2022) – Exam Admission Card” යටතේ පරික්ෂා කිරීමෙන් ද,දෙමළ මාධයය පරිහරණය කරන අයෙක්ට එම ප්‍රවේශ පත්‍රය “க.பொ.த.(சா.தர)ப் பரீட்சை – 2021(2022) – பரீட்சை அனுமதிஅட்டை” පරික්ෂා කිරීමෙන්ද ලබා ගන්නට හැකියාව තිබෙනවා.
විභාග කොමසාරිස්වරයාගේ පණිවිඩය පහත දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...