IMF වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නත් ජන වරමක් සහිත රජයක් ඕනේ – හර්ෂ

Date:

කොළඹ LNW:රට ස්ථාවර කිරීමේ ප්‍රතිපත්තියෙන් ඔබ්බට රටේ ආර්ථික වර්ධනය ශක්තිමත්ව ඉදිරියට ගෙන ගොස් රැකියා නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ගෙනයාමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන කළ යුතු සංශෝධන කිරීම සඳහා ජනතාවගේ මතය උරගා බලා ජනතා වරමකින් පත් වූ රජයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද පෙන්වාදී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

ඒ, අද (17) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

නමුත් මැතිවරණයකට පෙර කාරණා දෙකක ඉටු විය යුතු වන අතර ඒ අනුව දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ යුතුවන බවයි ඔහු කියාසිටියේ.

”උදාහරණයක් හැටියට ජාත්‍යන්තර ණය ප්‍රශස්ත කරන්නේ නැහැ ප්‍රතිව්‍යුහගත කරන්නේ. මොකද එම ණය කපා දැම්මොත් එහි පාඩුව තියෙන්නේ ජාත්‍යන්තරයෙන් ණය දීපු කට්ටියට. මේක තමයි ඒ අය අපිත් එක්ක තර්ක කරන්නේ නෑ මේ කපාහැරීම අපට සිද්ධ කරන්න කියලා බල කරන්න එපා 40%ක් මුහුණත අගයෙන් කපා හරින්න කිව්වොත් අපි කියනවා නෑ ඒක කරන්න බෑ ඕගොල්ලො ගිහිල්ලා දේශීය ණය දීපු කට්ටියට කියන්න ඒ කට්ටියට කපා හරින්න කියලා ඒ කට්ටියට කියන්න භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කරා නම් ඒවා කපල දාන්න කියලා මොකද පාඩුව එක පැත්තකට විතරයි ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙන්නේ. නමුත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී පාඩුව දේශීය ණය දීපු කට්ටියට වන අර්ථසාධක අරමුදල සහ බැංකුව. දැන් අපිට ආරංචියි ගිය සතියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඒකට ඉන්දියාව ෆැරිස් ක්ලබ් වගේම චීනය ඔබ්සවර් කෙනෙක් හැටියට සම්බන්ධ වෙලා තියෙනවා. එතැනදී කියලා තියෙන්නේ බැංකු නෙමෙයි අර්ථසාධක අරමුදලට තමයි ප්‍රශස්ත කිරීම සිද්ධ කරන්න වෙන්නේ කියලා. බැංකු සම්බන්ධ යමක් කියලා නැති බව තමයි අපට හැඟෙන්නේ. ETF ඒකේ තිබෙන ජනතාවගේ සල්ලි එක්ක සෙල්ලම් කරන්න දෙන්න බැහැ වැඩකරන ජනතාව වෙනුවෙන් අපි සටන් කරනවා. මෙහෙම කොළය වහල ගහන්න දෙන්න බැහැ මේ පසුබිම තුළ තමයි විදේශිකයන්ට කියන්නේ ගිය සිකුරාදා අපි සම්පූර්ණ ප්‍රශස්තකරණය කරන්නේ අර්ථසාධකය හරහා කියලා.”

විපක්ෂයේ කණ්ඩායමක් මීට දින දෙකකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ සාකචාජාවක් පැවැත්වූ බවත් එහිදී ණය සම්බන්ධ ගැටලුව පිළිබඳව විශේෂ අවධානයක් යොමු වුණු බව හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් රජය විසින් දූෂණය වංචාව පාලනයට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද කිසිම ආකාරයක අවධානය යොමු නොකර ඉදිරියට යෑම සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...