පී. එච්. අයි. නිලධාරීන්ගේ ගැටලු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානය

වසංගත රෝග මෙන් ම අනෙකුත් රෝග මර්ධනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය අගය කළ යුතු බවත් ඔවුන් පසුගිය කාලයේ ජනතාවගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස අදාළ විෂය භාර අමාත්‍යවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) දහවල් විපක්ෂ නායක කාර්යාලයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පිරිසක් සමඟ පැවැති හමුවක් අතරතුර දී ය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 175 දෙනකු වසර 4කට ආසන්න කාලයක් පුහුණු වීම්වලට සහභාගී නොකරවා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කළ අතර ඒ සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ ඔවුන්ට විසඳුමක් ලබා දීමේ අරමුණින් විපක්ෂ නායකවරයා විසින් අදාළ විෂය භාර අමාත්‍යවරයාව දුරකතනයෙන් සම්බන්ධ කර ගන්නා ලදී. එහි දී විපක්ෂ නායකවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මේ වන විට මැලේරියාවෙන් එක් ජීවිතයක් අහිමි වී ඇති අවස්ථාවක ජනතාව මෙවැනි වසංගත රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අවශ්‍ය වැඩසටහන් කිරීමට මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැදගත් වන බැවින් ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා අදාළ පුහුණුවීම් සදහා ඉඩපහසුකම් ලබා දෙන ලෙස යි.

එහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මොවුන්ගෙන් වන සේවයේ වටිනාකම අගය කළ නොහැකි බවත් එබැවින් ඔවුන්ට තමා හමුවන ලෙසට දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කියා සිටියේය. ඒ අනුව අද දහවල් 1.30ට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමට ඇහුම්කන් දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...