*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

තාජුඩීන් ආදරණීය අමරණිය පියෙකි

සටහන – නිශ්මං රණසිංහ

මැයි 18, කොළඹ (LNW): වසීම් තාජුඩීන් ජීවිතයෙන් නික්ම ගොස් 12 වසරක් ගෙවෙන තැන 2024 මැයි 17 වන දා තවත් අපූරු නඩු තීන්දුවක් ලැබෙන්නේය.ඒ රතුපස්වල පිපාසයට බොන වතුර ටික වෙනුවෙන් පාරට ආ මිනිසුන්ට වෙඩි තබා ඝාතනය කළ බවට සැකය එල්ල වී සිටි නිලධාරි නිදොස් කොට නිදහස් කරන තීන්දුවක් දීමෙන්ය.මේවා සම්පූර්ණයෙන් හෘද සාක්ෂිය මත එන තීන්දුවලට වඩා තර්කය, පැමිණිලි ගොනු කිරිමත්,සාක්ෂිවල විශ්වසනීයත්වයත් මත තීරණය කරන ඒවාය.නීතිය පසිඳලීම යන්න තමන්ගේ හෘද සාක්ෂිය මත දනවන හැඟීම නොවන ව්‍යහුයමය සීමාවකට යටත්ව කරන දෙයකි.එය ගොඩ නැඟෙන තර්ක විතර්කවල සවිය සහ දුබලකම මතද විසදීම තීරණය වෙන ක්‍රියාවලියකි.ඒ නිසා අධිකරණ තීන්දුවකට වැරදි යැයි කියන්නට නොහැකිය.එහෙත් එය අපේ හෘද සාක්ෂිය විශ්වාස කරන දේ හෝ අනුමත කරන දේ නොවිය හැකිය.


රතුපස්වල තීන්දුව මෙන්ම තවමත් සැකය විභාග කර නීතියද විසදුමක් දී නැති තාජුඩීන් ඝාතනය ද හෘද සාක්ෂිය විසින් තාජුඩීන්ගේ ජීවිතය ගැන තීරණය කර ඇති එකකි.එසේ නොවන අදහස් ද තිබිය හැකි නමුත් බොහෝ විට ඒවා හෘද සාක්ෂිය නොවනු ඇත.තාජුඩීන් ඝාතනය සම්බන්ධ කරන ලද විමර්ශන බොහෝ දේවල්වලින් මතු වූ කරුණුවල සැකය රාජපක්ෂ පවුල වටා කේන්ද්‍රව නැවතිණි.ඒ නිසා ඒ කාරණා ඔස්සේ අදටත් තාජුඩීන් ස්වභාවික අනතුරකින් මිය නොගිය,මිනීමැරුමක් බව සමාජය විශ්වාස කරන්නේය.එසේම එවායේ යම් අපිළිවෙලක් ඇති වන ආකාරයට සාක්ෂි සඟවාලීමට මුල සිටම කටයුතු කර තිබෙන බවත් ඊට බලය බල පා ඇති බවත් දැනෙන විට රතුපස්වල තීන්දුවට බල පෑ,නීතිය පසිඳලීම සඳහා ඉදිරිපත් වූ කරුණු ගැන ද අදහසක් ඇති කර ගැනීමට හැකිය.


තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් වන සැකයේ මුල්ම කරුණ රිය අනතුරකින් ගිණිගෙන දැවුණු සිරුරේ තැලීම් පහරදීම් ආදිය ද දකින්නට ලැබෙන බවට වන වාර්තාය.ඒ කාලයේ තමන්ම ගස් බැද ගත් රජයේ නිලධාරීන්ද,තමන්ම ගුටි ගසා ගත් හමුදා නිලධාරින් ද අසා දැක පුරුදු කම් සමාජයට තිබිණ.
මේ සම්බන්ධයෙන් මුල සිටම මතු වූ සැකය මත කාටවත් චෝදනා එල්ල කිරීම පසෙකලා අඩුම තරමේ ශ්‍රී ලංකා රගර් මේ වන තුරු මේ ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් පවතින සැකය දුරුකර ගැනීමට සාධාරණ පරීක්ෂණයක් හෝ පවත්වන ලෙස ඉල්ලා නැත.මන්ද ඒ වන විට රගර් යනු රාජපක්ෂ දේපළක් වන තරමට එය රාජපක්ෂකරණය වීමට අවශ්‍යය පහසුකම් පැවති රගර් පරිපාලන විසින් සකසා දී තිබූ නිසාය.ඒවා අනොන්‍ය ගණුදෙනුය.රගර් කෙසේ හෝ තමන්ගේ දරුවන් සමඟ දිනනු විනා එහි නෛතිකභාවයන් අදාළ නොවුණු පියෙක්ව සරදම් ලෙස ජාතියේ පියා වී සිටියේය.මේ තත්ත්වයන්ට එකඟ වෙන්නට,එයින් ලැබෙන ලාභ රැක ගන්නට සූදානම් වු පිරිස් ශ්‍රී ලංකාව ලෝක අපවාදයට ලක් කරමින් විදේශීය ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරවා දඩ ගැසීමකට ලක් කළ ද,අද ද ඊට දායක වූ කිසිවෙක්ට පැති මාරු දේශපාලනයෙන් කිසිඳු ගැටළුවක් නැත.ඒ ආකාරයටම ඇතැම් සාක්ෂි වද දෙමින් සිටියදී හඩ ඇසෙන්නට දුන් බවට පැවසූ සාක්ෂි පසු දවසක මේ ලැජ්ජා නැති දේශපාලනය විසින් ඇසුණු ඇත්තෝ බිහිරන් කර දැමීමට වුව ඉඩ ඇත.හැබැයි ඒ, එයට ආශිර්වාද කරන පිරිසක් සිටින නිසා බැවින්ය.


එවැනි වාතාවරණයක ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මරා දැම්මාද,අනතුරකින් මිය ගියා ද යන කාරණාවන් නොවිසදී තිබියදී,එවතට සිටි රගර් පරිපාලකයන් රාජපක්ෂලාගේ මැතිවරණයට අනියමින් උදව් වන ආකාරයට කරන ලද උත්සව සංවිධාන ද අපි හිරිකිතෙන් බලා සිටියෙමු.පිට්ටනි ගැන පොරොන්දු දෙමින් සෙනඟ එක් කරමින් කරන ලද ඒ වැඩ සඳහා වැය වූ මුදල් ද වැටෙන්නේ රගර්වල ණය කඳු ගොඩ ගැසුණු තැනටය.
තාජුඩීන්නම් ජාතික කණ්ඩායමේ සඟයා වෙනුවෙන් අනුස්මරණ තරගාවලියක්,කුඩා පාසලකට අනුග්‍රහයක් ලබා දීම වෙනුවට ශ්‍රී ලංකා රගර් එම මරණය සම්බන්ධයෙන් සැකය එල්ලවන පවුලේ සඟයන්ගේ දේශපාලන සාද සඳහා අනියමින් දායකවීම අප එදාද පිළිකුලෙන් හෙලා දැක්කෙමු.ඒ පාලන කාලය තුළ රගර් ගිණුම හිඳුණ හැටි ගැන තවමත් කතා නැත.එය මිලියන 55 ක් දක්වා විශාල කෙරූ සභාපතිවරු පසුව රගර් සමාජයෙන් ප්‍රතික්ෂේප වී ගිය පසු,තමන්ගෙන් පසුව එන පරිපාලන ඉවසන්නට බැරුව,හුරුපුරුදු වූ දේශපාලන ගැතිකම්වල වෙලී ඒ හරහා යළිත් රගර් පරිපාලනයට එන්න උත්සාහ කරන අයුරු අපි පසුගිය කාලයේ දුටුවෙමු.


මේ ආකාරයට දේශපාලන නැටි සේ හැසිරුණු පාලකයන්ව නැවත පුටුවල ඉන්දවා දේශපාලන කරණම් ගැසීමට ගත් උත්සාහයන්වලට එරෙහිව ජාත්‍යන්තර වශයෙන්ද සහය ගෙන ශ්‍රී ලංකා රගර් තහනම් කිරීම දක්වා තල්ලු කරගෙන යන්නට මෙන්ම,එක එක රටවල ලදරු රගර්වලට පහළින්, වසර සියයකට වඩා පැරණි ශ්‍රී ලංකාවේ රගර් තැබීමේ උවමනාවට දායකවීම සම්බන්ධයෙන් ද රගර් වෙතින් ඔවුන් කිසිදා සමාවක් නොලබනු ඇත.


රගර් ලැදි භාවයෙන් තබන සටහන් වෙනුවට දේශපාලන ගැති භාවයෙන් තමන්ගේම රගර් වංශයේ එකෙක් මරා දමන බවට සැක සංකා එල්ල වී ඇති උන් සමඟ සාද පවත්වන සංස්කෘතියක ජිවත්වෙන පිරිසකට කවදා හෝ පීඩාවක් බවට පත්වන්නේ මේ ලියන අකුරුවලට වඩා තමන්ගේම හෘද සාක්ෂිය බව අපි විශ්වාස කරන්නෙමු.කුමන හෝ පිඩනයකදී,රෝගී අවස්ථාවකදී වේවා අපි තාජුඩීන් වෙනුවෙන් සාධාරණය ඉල්ලා වචනයක් හෝ නොලීවද,එම මරණයේ සැකකරුවන්ගේ දේශපාලනයේ අත් උදව්කරුවන් වූවා නොවේද යන හැඟීම ඔවුන්ගේ හෘද සාක්ෂිය විසින් බරට දනවනු සැක නැත.එසේම අප අපේ බල වියරුව නිසා අපි මේ රටේ රගර් මිලියන ගණනින් ණය කර,බංකොළොත් කර වැඩ කළා පමණක් නොව අපේ බල ව්‍යාපෘති වෙනුවෙන් රටේ රගර්වල කකුළෙන් ඇද,වෙනත් රටවල රගර්වල පාලකයන්ගේ උවමනාවට ඔවුන්ට ශ්‍රී ලංකාව පසුකර යන්නට අවශ්‍යය පසුබිම සකස් කිරීමේ කුමන්ත්‍රණකරුවෝ වීම ගැන වේදනාව දැනෙනු ඇත.
ක්‍රීඩාව කුමක් වුව ද,එය සිය මඩිය තර කර ගැනීමට අවභාවිතා කරන්නෝ රගර්වලින පමණක් නොව මේ රටට ක්‍රිකට්වලට පසුව වැඩිම කීර්තිය උපයා දී ඇති මලල ක්‍රීඩාවට හදපු බිම්වලින් ද,නිවැරදි ප්‍රමිතියට ඉදිකිරීම් නොකර ගසා කෑ බව අපි ඉදිරියේදි තොරතුරු සහිතව ඉදිරිපත් කරන්නට සිතා සිටින්නෙමු.දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේ එලූ ධාවන පථයේ ගැසූ ඉරි පවා මැකෙමින් ඇත.ඒත් ඒ අපරාධවලට මැදිහත් වීමේන් වේදනාවට පත්වන,අපහසුවට පත්වන මිනිසුන්ගේ සාපය තමන්ගේම හෘද සාක්ෂියට මරණ මංචකයේදී ද වඳ දීම නවත්වන්නට නොහැකිය.තාජුඩීන් තවමත් ජිවත් වුව ද,එම මරණයේ සැකකාරයන් සමඟ ඩීල් දැමූ,සාද පැවත් වූ ඔවුන් හා එක්ව රගර් ක්‍රීඩාව පාවා දුන් උන් මැරුණා හා සමානය.


බලය භාවිතා කරන ආකාරය මෙන්ම,බලයට ඒමට යොදා ගන්නා නිහීන වැඩ සැළසුම් ද මරණයට වඩා තමන්ගේ හෘද සාක්ෂිය මත පීඩනයක් ඇති කරන දවසක් එනු ඇත.ක්‍රීඩාව, රට කුමානාකාරයකින් හෝ පාවා දුන් මිනිසුන්ට භෞතිකව ඒ හරහා ඉතුරු වී ඇති දේ තිබිය හැකිය.නමුත් තමන්ගේ දරුවෙක් හෝ සමීපතම ඥාතියෙක් ඒ ධණ සම්පත්වලින් තමන්ට යම් දුඟදක් දැනෙන බව නොව සැකයක් දැනෙන බව කී මොහොතක වුව, දැනෙන පීඩනයේ බර මරණයට වඩා මැරී මැරී ජීවත්වීමේ වේදනාව ඔබට දනවනු ඇත.කෙනෙක්ට තමන්ගේ මතු පරම්පරාවට සහ ඒ උරුමයන්ට අපකීර්තිය සහ අපවාද ඉතුරු කළ බවට නැඟෙන චෝදනාවක් දැඩිව නැඟෙන මොහොතක් ඒ ද,ඒ මොහොතේ සිට ඔහු මැරුණා වැනිය.ඒ නිසා තාජුඩීන් ජීවත්වෙන මරණ ගොඩක් මැද ඔබ අදත් යහතින් ජීවත්වෙන බව අපේ හෘද සාක්ෂියට පවසමින් ඇත.තාත්තා කෙනෙක් හැටියට ඔබේ ලෙයින් දා ව මේ ලෝකය දුටුව වස්තූන්, ඔබව සදාකාලිකව ඔවුන්ට ඉතුරු කර ගිය ගෞරවය සහ අභිමානවත් චරිතය වෙනුවෙන් ස්තූති පූර්වකව භාරගන්නවා ඇත.
තාජුඩීන්!


තමන් කොයි මොහොතේ තමන්ගේ දරුවන් ඉදිරියේ මිය යයි ද යන ලැජ්ජාව සහිතව ජිවත්වෙන මිනිස්සු හමුවේ ඔබ හැමදාම ජීවත්වෙන ආදරණිය අමරණීය පියෙකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan