*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

හිටපු හමුදාපති මහේෂ් සේනානායක සජබයට: රණවිරුවන් දේශපාලනයට එක්වීමේ ප්‍රවණතාවය සමඟ මැතිවරණ උණුසුම තවතවත් ඉහළට!

මැයි 18, කොළඹ (LNW): හිටපු හමුදාපති විශ්‍රාමික ජනරාල් මහේෂ් සේනානායක සමඟි ජන බලවේගය හා එක්වෙමින් සමඟි රණවිරු බලවේගය පිහිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙසේ සමඟි ජන බලවේගය තුළ පවතින අනුශාඛාවලට එක්වන සමඟි රණවිරු බලවේගයට නායකත්වය ලබා දෙන්නේ හිටපු හමුදාපති විශ්‍රාමික ජනරාල් මහේෂ් සේනානායකයි.

හිටපු හමුදාපතිවරයා 2019 වසරේ දී ජනරාල් පදවියට පත්වීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ 22 වන හමුදාපති හා මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවයකළ අතර, 2019 ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිව්වන ස්ථානය ලබා ගත්තේය.

ඒ අනුව මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා දේශපාලනයට ආධුනිකයකු නොවන බව පැහැදිලි ය.

හිටපු හමුදාපතිවරයකුවන සමඟි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෑත කාලීනව ආන්දෝලනාත්මක ලෙස නීතිමය අභියෝගවලට මුහුණ දෙමින් සිටින අතරවාරයේ තවත් හිටපු හමුදාපතිවරයකු සමඟි ජන බලවේගයට එක්වීම විශේෂත්වයකි.

මීට ඉහත අවස්ථාවක හිටපු හමුදාපතිවරයකු වන දයා රත්නායක සමඟි ජන බලවේගය වෙත පැමිණීම හමුවේ එම පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විවිධ විවේචනයන්ට ලක්වූ අතර, ඊට හේතුව වූයේ පැවති රාජපක්ෂ පාලනය හා දයා රත්නායක දැරි දේශපාලන සබඳතාවයයි.

කෙසේවෙතත්, මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා සමඟි ජන බලවේගයට එක්වීම සමඟ විපක්ෂ නායකවරයා එළඹෙන ජනාධිපතිවරණය හමුවේ තම ස්ථාවරය තවත් ශක්තිමත් කිරීම අභිලාෂය කරගෙන තිබේ.

මහේෂ් සේනානායකගේ හමුදා පුහුණුව සහ අත්දැකීම්, සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරණය ශක්තිමත් කරනු ඇති බවට විපක්ෂ නායකවරයාට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි.

හිටපු හමුදාපතිවරයා නිල වශයෙන්ම සමඟි ජන බලවේගය ඔස්සේ දේශපාලනයට එක්වීම ද සමඟ දේශපාලනය තුළ හිටපු හමුදා නිලධාරීන්ගේ භූමිකාවක් නිරීක්ෂණය වන්නට ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි.

මැතිවරණ උණුසුම ආරම්භ වන්නටත් පෙර පටන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායක, පා.ම. අනුර කුමාර දිසානායක වටා ද විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ විශ්‍රාමික පොලිස් නිලධාරීන් ඒකරාශී වීමේ ප්‍රවණතාවයක් මෑතකාලීනව නිරීක්ෂණය කිරීමට හැකිව තිබිණි.

මේ අතර, මෑතකාලීනව බිහි වූ මව්බිම ජනතා පෙරමුණේ නායක දිලිත් ජයවීර ද යුධ විරුවන් හා සක්‍රිය සබඳතාවයක් ගොඩනඟා ගන්නා අයුරු මාධ්‍ය ඔස්සේ නිරීක්ෂණය කිරීමට හැකිවිය. ඒ තුළින් ඔහු සිය දැක්ම රට පුරා ප්‍රචාරණය කරන අයුරු දැක ගන්නට හැකිවිය.

කෙසේවෙතත්, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු හමුදා නිලධාරීන් තම දේශපාලන ප්‍රචාරණ වැඩපිළිවෙලට සම්බන්ධකර ගැනීමක් දක්නට නොලැබෙන අතර, සිය දේශපාලන උපායමාර්ග තුළ ඔහුගේ ප්‍රතිවාදීන්ට හාත්පසින්ම වෙනස් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවක් නිරීක්ෂණයකළ හැකිය.

ශ්‍රී ලංකාව තුළ නීතිය ප්‍රකාරව මීළඟට එළඹිය යුත්තේ ජනාධිපතිවරණයක්වන අතර, මෙසේ රණවිරුවන් දේශපාලනයට එක්වීමේ ප්‍රවණතාව රට තුළ දේශපාලන භූමියේ ගතිකත්වය නව මුහුණුවරක් කරා ගෙන යන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan