තායිලන්ත ශ්‍රී ලංකා සහයෝගිතාව ගැන අගමැතිගේ අවධානය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW): තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී , මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ දී තායිලන්ත බෞද්ධ නියෝජිතයන් විශාල පිරිසකට තාවකාලික පැවිද්ද ලබාදීමත් සමග දෙරට අතර  සබඳතා තවදුරටත් වර්ධනය වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත.

මෙහිදි තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ අමාත්‍යවරයාට ද දිනේෂ් ගුණවර්ධන මහතා සිය සුබාසිංශන පළ කළ බව පැවසේ.

තායිලන්ත තානාපතිවරයා මෙහිදි පෙන්වා දී ඇත්තේ , නව නිදහස් වෙළද ගිවිසුම මගින් දෙරට අතර ආර්ථික සබදතා වර්ධනය කර ගැනීමට හැකිවෙනු ඇති බවයි.

ධීවර ක්ෂේත්‍රයේ නව හවුල් ව්‍යාපාර පිළිබද සොයා බැලීම සදහා තායිලන්තයේ ආයෝජකයන් පිරිසක් පසුගිය සතියේ මෙරටට පැමිණි බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සදහා ඇති හැකියාව පිළිබද සාකච්ඡා කිරීමට තවත් පිරිසක් ලබන සතියේ පැමිණෙන බවත් තායිලන්ත තානාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

අදාළ කණ්ඩායම් විදුලිය නිපදවීම සදහා සූර්ය පැනල සවිකිරීමේ හැකියාව සොයා බැලීමට දැදුරු ඔය සහ යාන් ඔය ජලාශ නැරඹීමට ද නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...