තායිලන්ත ශ්‍රී ලංකා සහයෝගිතාව ගැන අගමැතිගේ අවධානය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 18, කොළඹ (LNW): තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී , මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ දී තායිලන්ත බෞද්ධ නියෝජිතයන් විශාල පිරිසකට තාවකාලික පැවිද්ද ලබාදීමත් සමග දෙරට අතර  සබඳතා තවදුරටත් වර්ධනය වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත.

මෙහිදි තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ අමාත්‍යවරයාට ද දිනේෂ් ගුණවර්ධන මහතා සිය සුබාසිංශන පළ කළ බව පැවසේ.

තායිලන්ත තානාපතිවරයා මෙහිදි පෙන්වා දී ඇත්තේ , නව නිදහස් වෙළද ගිවිසුම මගින් දෙරට අතර ආර්ථික සබදතා වර්ධනය කර ගැනීමට හැකිවෙනු ඇති බවයි.

ධීවර ක්ෂේත්‍රයේ නව හවුල් ව්‍යාපාර පිළිබද සොයා බැලීම සදහා තායිලන්තයේ ආයෝජකයන් පිරිසක් පසුගිය සතියේ මෙරටට පැමිණි බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සදහා ඇති හැකියාව පිළිබද සාකච්ඡා කිරීමට තවත් පිරිසක් ලබන සතියේ පැමිණෙන බවත් තායිලන්ත තානාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

අදාළ කණ්ඩායම් විදුලිය නිපදවීම සදහා සූර්ය පැනල සවිකිරීමේ හැකියාව සොයා බැලීමට දැදුරු ඔය සහ යාන් ඔය ජලාශ නැරඹීමට ද නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...