*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

(VIDEO):බැසිල්ගේ මොළ හතට වස් වැදිලද? මහින්දත් රනිල්ගෙන් ගේම ඉල්ලද්දී රනිල් පිට්ටනිය හදන හැටි මෙන්න!

කොළඹ LNW:ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද? සජිත් සහ අනුර දෙපැත්තෙන් ඉලෙක්ෂන් මැච් එකට ලෑස්ති වෙද්දී අනිත් පැත්තෙන් ජනාධිපති වික්‍රමසිංහත් හැල්මේ යමින් තිබුණ ස්වභාවය ටිකක් වෙනස් කරලා වේගයක් අරන් තිබෙන බව දැන් පෙනෙමින් තිබෙනවා.

පහුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඇවිල්ල කඩා වැටිලා තිබුණ රට තමන් ගොඩගත්ත හැටි ගැන ඉලක්කම්වලිනුත් කියල රට යන්න ඕන මඟ ගැන පපුවටත් දැනෙන්න ටිකක් කතා කරලා හැරිලා ගිහින් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජන්ද වෙනුවෙන් වැඩ පටන් අරන් බව තියෙන බව තමයි දැන් දැන් පෙන්න තියෙන්නේ.

මේකට හොඳ ඌණපූරණයක් විදිහට ගෙවුණු සතියේ ලන්සලාගේ නව සන්ධානයේ පිරිසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී විරෝධී කණ්ඩායමත් ආණ්ඩුවේ ඉන්න තවත් පොහොට්ටුවෙන් ආපු මැති ඇමතිලා කිහිපදෙනෙකුත් කොළඹ දී එකතුවෙලා ඉදිරි දේශපාලන ගමන් මඟ ගැන එකඟතාවකට ඇවිත් තිබුණා.

පාර්ලිමේන්තුවේ ඉන්න ස්වාධීන මතධාරී කණ්ඩායම ලෙස තමයි ඔවුන් පෙනී සිටින්නේ.

අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන ඔවුන් සාකච්ජා කර තිබුණු අතර ඔවුන් අලුත් සන්ධානයක් ගොඩ නගන්නයි තීන්දු කරගෙන තිබුණේ.

ඒ අනුව ඉදිරි ජනාධිපති කවුරු වුණත් ඒ ජනාධිපති බලයට ගේන්නේ මේ කණ්ඩායම කියල තමයි මේ සාකච්ජාවට එක්වෙලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක පැවසුවේ. ජනාධිපතිවරණයෙන් පස්සේ එන ආණ්ඩුවට විශාල වැඩකොටසක් පැවරෙන අතර ආදර්ශමත් ආණ්ඩුවක් ස්ථාපිත කරගැනීම ඔවුන්ගේ අරමුණ බවද මන්ත්‍රීවරයා කියාසිටියා.

මෙහෙම එකතුවෙලා ඉන්න, විශේෂයෙන් වත්මන් ආණ්ඩුවේ ස්වාධීන මතධාරී කණ්ඩායම ලෙස හඳුන්වා ගන්නා මේ පිරිස ඉදිරි නිශ්චිත දේශපාලන හැරවුමකදී කවුරු වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න තීරණයක් ගෙන නොමැති බවත් පවසනවා.

නමුත් ඔවුන් කියන්නේ රට හදන්න භාර ගන්න ප්‍රබල අපේක්ෂකයාට සහය දෙන්න සූදානම් කියල. ඉතින් මේ ප්‍රබල අපේක්ෂකයා කවුද? දැන් නම් මේ කණ්ඩායම ඉන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මෙහෙයවන ආණ්ඩුවේ. ජනාධිපති වික්‍රමසිංහට වරදක් කියමින් අභියෝග කරන්නෙත් නැහැ.

ප්‍රගතිශීලි බලවේගයක් ලෙස රට ගැන හිතල තීන්දු ගන්න ඕනේ කියලත් පවසන අතරේ එළඹෙන මාසයේ 08 වැනිදා හම්බන්තොට දී මහ රැළියක් පවත්වල එදාට තම ගමන් මඟ ගැන පැහැදිලිව රටට කියන්නත් ඔවුන් සූදානමින් ඉන්නවා.

මොනවා වුණත් මේ කණ්ඩායමත් එක්ක ඉන්න නව සන්ධානයේ පිරිස පැහැදිලිවම පහුගිය දිනවල කියා කියා සිටියේ ඔවුන් ඉදිරි මැතිවරණයකදී වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දෙන බවයි. නිමල් ලන්සා, ප්‍රසන්න රණතුංග යන අය ඉතා පැහැදිලිව එය කිව්වා. ඔවුන්ගේ මුල් තියෙන්නේ පොහොට්ටුවේ වුණත් අද ඔලුව බේරාගෙන ඉන්නේ රනිල් නිසා එයට කළගුණ සැලකීම වගේම ඉදිරියේදී මොන විදිහෙන් හරි පාර්ලිමේන්තුවට එන්න බැරි වුණොත් මේ අයගේ ජාතික තලයේ දේශපාලනයේ අවසන් පරිච්ජෙදයත් මෙය විය හැකියි. ඉතින් අත් දෙකෙන් හරි විලි වසාගෙන තීන්දුවකට එන්න වෙනවා තම තමන්ගේ අනාගතය වෙනුවෙන්.

ගෝල්ෆේස් මහජන අරගලයෙන් පසු මහජන මතය විශාල ලෙස වෙනසකට ලක්ව තිබෙන බව පෙනෙන්නට ඇති නිසා මේ එකම අච්චුවේ තැම්බි තැම්බි හිටපු පිරිස කොහොමත් දැන් හෙලවිලා ඉන්නේ කියන එක පේනවා. ඒ නිසා තම තමන්ගේ ප්‍රොෆයිල් එක නඩත්තු කිරීම වෙනුවෙන් මේ පාර එසේ මෙසේ මහන්සියක් නෙවෙයි දරන්න වෙන්නේ.

ඒ නිසා උපාය මාර්ගිකව ගාමක බලවේගයක් වෙන්න ඔවුන්ට සිදුවෙනවා. මොකද වෙනදට වඩා ප්‍රතිවාදී බලවේගත් අද ඉන්නේ තමන්ගේ ශක්තිය උපරිමයෙන් උරගා බලන්න රෙඩි වෙලා.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිරන්තරයෙන් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් තමන් ගියපු වැල් පාලම ගැන කියල ජන මතයට බලපෑමක් වෙන්න හැදුවත් එය එපමණින්ම සාර්ථක නැහැ කියන්න ඔහුගේ දේශපාලන විඥානයට හොඳින් වැටහෙනවා.

පහුගිය ජන්දෙන් සජිත්ගේ සමඟිය එජාපය බිමටම හාන්සි කරපු නිසා එජාපය ගොඩගන්නත් රනිල්ගේ කණ්ඩායමට දැන් හතිදාගෙන දුවන්න වෙලා තියෙන්නේ. යුඑන්පි කාඩරයෙන් සාතිශය බහුතරය ඉන්නේ සජිත් එක්ක. ඒ නිසා වජිරලට, සාගලලට, රවීලට ලේසි නැහැ අලියව නැගිට්ටවන එක. ඒ නිසා ආණ්ඩුවත් එක්ක ඉන්න සියලු කණ්ඩායම්වල සහයත් ඔවුන්ට මේ වෙලාවේ ඕනේ.

ඉතින් මේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් සැදුම්ලත් කවය ඉදිරියේ දී පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන්ද යන්න යම් යම් ඉඟි දීලා තියෙනවා. මේ අතරේ වික්‍රසිංහ ජනාධිපතිවරයාත් නව ජවයකින් වගේ දුවනවා පේනවා. ඒ දිවිල්ල ඇතුලේ එජාපය ගොඩ දාගන්න මොනතරම් මහන්සියක්ල් වෙනවද කියල හරීන්ලගේ, මනුෂලගේ,වජිරලගේ, රංගේ බණ්ඩාරලාගේ වැඩවලින් කතාවලින් පේන්නත් තියෙනවා.

මොනවා වුණත් පොහොටුවට මේක රිදිලා තියෙන්නේ කියල නම් පැහැදිලියි. තමන්ගේ දිය වී යාම හෙළිදරව් වීම වළක්වා ගැනීම වෙනුවෙන් මහ මැතිවරණයක් වෙනුවෙන් යම් අරගලයක සිටියත් එය තවමත් සාර්ථක වෙලා නැහැ. බැසිල්ගේ ට්‍රික්ස් තාම වැඩකරලා නැති බව තමයි එළියට පේන්න තියෙන්නේ. ඒත් ආණ්ඩුව රන් කරන්නේ බැසිල් සහ රනිල් වීම නිසා එළියට පේන දේවල් ඒ බරින්ම ගන්න බැහැ.

මේ අතරේ රාජ්‍ය දේපල පෞද්ගලීකරණයට දැඩිව විරුද්ධ බවත් මැතිවරණයකින් පසුව එන නව ආණ්ඩුවකට එම කටයුතු භාරකරමින් මේ මොහොතේ එම කටයුතු නවතා දමන ලෙස පොහොටුවේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ලිඛිතවම ඉල්ලා තිබෙනවා. නමුත් එය මායිම් කළ බවක් නම් පේන්න නැහැ. මේ වෙද්දී වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව යමින් නව ආර්ථික වැඩපිලිවෙලටත් කැබිනට් අනුමැතිය අරන් තියෙන්නේ.

මේ වෙන දේවල් ගැන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ විරෝධය මහින්ද විසින් පහුගියදාත් එළියට දැම්මා. රාජපක්ෂ මහතත්යා මාධ්‍ය ඉදිරියේ පැහැදිලිව කිව්වේ තම පක්ෂයේ ස්වාධීනත්වය ආණ්ඩුවට පාවාදී නොමැති බවත් රට වෙනුවෙන් අවශ්‍ය නම් ආණ්ඩුවෙන් ඉවත් වීමට වුවත් සූදානම් බවත්.
කොහොමත් පොහොට්ටුවයි,අලියයි අස්සේ අළුයට ගිනි තත්ත්වයක් තියෙන්නේ. මොකද නාමල් රාජපක්ෂ වුණත් යමින් එමින් ගමන් රනිල්ට ඇටැක් කරනවා මාධ්‍ය ඉස්සරහ.

කොහොමත් අලුතෙන් එකතුවෙලා ඉන්න ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩයම කියන්නේ ඔවුන්ගේ වැඩපිළිවෙල අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 70කගේ විතර සහය ඔවුන්ට ගන්න පුළුවන් කියල. ඒ කියන්නේ පොහොට්ටුවේ කණ්ඩායමක් ගෙඩිය පිටින් උස්සන කතාව. අවසානයේ මේ මාධ්‍ය ඉදිරියේ කරන සටන්, වික්‍රම පැත්තකින් තියල ප්‍රබල අපේක්ෂකයාට සහය දෙන්න බැරි නැහැ. මොකද පිටතට පේන එක කොහොම වෙතත් ඇතුලෙන් ඉන්නේ සෙට් එකම වැල් පාලමක නිසා.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan