පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 18,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සන්ඩේ ටයිම්ස් විසින් 2024 වසරේ එළිදක්වන ලද ධනවත් මුහුණු 350 අතර ශ්‍රීමත් පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ ප්‍රථම ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත්ව ඇති බව වාර්තා වේ.

1942 ජූනි 18 වනදින ලිවර්පුල්හි උපත ලද පෝල් මැකාට්නිගේ ඇස්තමේන්තුගත වත්කම් පවුම් බිලියන 1 ලෙස ගණනය කර ඇති අතර ඔහු ඉංග්‍රීසි ගායකයෙක්, ගීත රචකයෙක් සහ සංගීතඥක් ලෙස ලොව පුරා කීර්තියක් අත්කරගෙන තිබේ.

1957 දී ලෙනන්ගේ ස්කීෆ්ල් කණ්ඩායම සමඟ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ මැකාට්නි එය 1960 දී බීට්ල්ස් දක්වා පරිණාමය විය. සමහර විට “හුරුබුහුටි බීට්ල්” ලෙස හැඳින්වූ මැකාර්ට්නි පසුව ලන්ඩන් ඇවන්ගාඩ් වේදිකාවේ ප්‍රධානම භූමිකාවක් ඉටු කළේය.

ඔහුගේ “And I Love Her”, “Yesterday”, “Eleanor Rigby”, සහ “Blackbird”, “My Love”, “Band on the Run”, “Listen to What the Man Said”, “Silly Love Songs”, සහ “Mull of Kintyre”, “Ancle Albert/Admiral Halsey” (Linda සමඟ), “Coming Up”, “Pipes” ,”Ebony and Ivory” (Stevie Wonder සමඟ), සහ “Say Say Say” (Michael Jackson සමග). වැනි ගීත, ගීත ලැයිස්තුවල අංක එකේ ස්ථානයයේ විය.

සංගීතයෙන් ඔබ්බට, සත්ව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක්‍රියාකාරියෙක් වීම, දරිද්‍රතාවය සහ සංගීත අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර පුණ්‍යායතන ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවල ඔහු සම්බන්ධ වී ඇත.

පෝල් මැකාට්නි ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇති අතර 1997 දී සංගීතය සඳහා වූ සේවාවන් සඳහා නයිට් පදවියකින්ද පිදුම් ලැබිය.

2024 වන විටත් ඔහු ලොව ධනවත්ම සංගීතඥයන්ගෙන් කෙනෙකුව සිට ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...