උදව් ඕනෙ අය ඉස්සෙල්ලා ඉල්ලන්න එපැයි, ජනාධිපතිතුමා තවම ඉල්ලලා නෑ – දිළුමුත් වැඩ උඩට ?

Date:

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

“මම සාත්තර කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත් අදටත් සංයුතියේ හැටියට වැඩිම බලය තියෙන්නේ පොහොට්ටුවට. ඒක නොරහසක්. උදව් ඕනෙ අය ඉස්සෙල්ලා ඉල්ලන්න එපැයි … ජනාධිපතිතුමා තවම ඉල්ලලා නෑ. එතුමා පොහොට්ටුවෙන් උදව් ඉල්ලුවොත් පොහොට්ටුව ඉස්සෙල්ලා තීන්දු කරයි කාටද සහයෝගය දෙන්නෙ කියලා”

ප්‍රශ්නය – ඔබතුමාගේ සහයෝගය කොහොමද ?

“මම ඉල්ලුවොත් සහාය මට තියෙන්නෙ… (සිනා) ජනාධිපතිවරණය ආවොත් අපි බලමු කවුද ඉල්ලන්නෙ කියලා. සියලු දේ තීන්දු කරන්නෙ ජනාධිපතිතුමා. මහමැතිවරණය තියන්න තීන්දු කෙරුවොත් මහමැතිවරණයක් පැවැත්වීමේ හැකියාවත් තියෙනවා”

දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ අද (18) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

දිළුම් අමුණුගම මහතා මීට ටික කලකට පෙර ඉතාම තදින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...