*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

යුද්ධය ඇතිවුණේ 56දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ වැරදි තීන්දුව නිසා – විපක්ෂ නායක සජිත්

මෙරට යුද්ධයක් ඇතිවූයේ ජනප්‍රියත්වය වෙනුවෙන් දේශපාලකයින් 1956දී සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමට ගත් වැරදි තීන්දුව නිසා බවත් එයින් දෙමළ භාෂාව කතා කරන ජනතාවට ඇතිවූ කණගාටුව දශක දෙකක ඇවෑමෙන් යුද්ධයක් බවට පත්වීම සැබෑ ඛේදවාචකයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දශක තුනක කුරිරු යුද්ධය අවසන් වී වසර 15ක් පිරීම නිමිත්තෙන් ඒ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ අද (18) තබා ඇති සටහන පහතින් දැක්වේ.


අද, තවත් එක් ඓතිහාසික දිනයකි. දශක තුනක් පුරා ඇදීගිය (1983-2009) කුරිරු යුද්ධය අවසන් වී අදට වසර 15කි.

යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් දායකත්වය දැක්වූ සූර-වීර සෙන්පතියන් සහ අනෙකුත් සියලු නිලයන්වල රණවිරුවන් ඇතුළු සමස්ත ත්‍රිවිධ හමුදාවටත්, පොලිසියටත්, බදු මුදල් ගෙවමින් එහි ආර්ථික බර දැරූ සියලු මහජනයාටත් පළමුව මාගේ උත්තමාචාර පිරිනමමි.

1956 රාජ්‍ය භාෂා පනත මඟින් සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීමත් සමඟ, දමිල භාෂාව කතා කරන ජනතාවට ඇති වූ කණගාටුව දශක දෙකක ඇවෑමෙන් යුද්ධයක් බවට පත්වීම සැබෑ ඛේදවාචකයකි.

නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ, රජයට එරෙහිව අවි ආයුධ ගත් පළමු සටන්කරුවන් වූයේ 1971 ජනතා විමුක්ති පෙරමුණ ය. ඔවුන්ගෙන් ලද වැරදි ආදර්ශය තුළින් ’70 දශකයේ අගභාගය වන විට LTTE සංවිධානය ඇතුළු තවත් අවිගත් සටන්කාමී සංවිධාන කිහිපයක් බිහි විය. ඉන්පසුව ’87දී ජනතා විමුක්ති පෙරමුණ යළිත් රජයට එරෙහිව අවිගත් අතර ඔවුන්ව වැළැක්වීමට රජයට සිදුවිය. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ අයිතිවාසිකම් හෝ මොනයම් දෙයක් වෙනුවෙන් අවි ආයුධ අතට ගැනීමට කිසිවෙකුට අයිතියක් නැත.

යුද්ධයක් ඇතිවූයේ, ජනප්‍රියත්වය වෙනුවෙන් 1956 දී දේශපාලකයන් විසින් ගත් වැරදි තීන්දු තීරණ නිසා ය. එබැවින් අද දිනය තුළ දී, රට වෙනුවෙන් අණ පනත් නිර්මාණය කරන දේශපාලකයන් කෙතරම් වගකීම් සහගත විය යුතු ද යන පණිවුඩය ද ඔබ හමුවේ තබන්නෙමි. ඡන්ද ගොඩ වැඩිකරගැනීම වෙනුවෙන් ජනප්‍රිය තීරණ ගන්නට ගොස් අපගේ රට විපතට පත්වූ අවස්ථා ගණන මෙතෙකැයි කිව නොහැකිය.

යුද්ධය පැවති දශක තුන තුළදී යුද්ධය නිසා ශ්‍රී ලංකාවට ජීවිත ලක්ෂයකට වඩා අහිමි විය. කෝටි ප්‍රකෝටි ගණනක දේපල සහ සම්පත් රටට අහිමි විය. දේශපාලන නායකයන්, විදෙස් රාජ්‍ය නායකයන් මෙන්ම අහිංසක සිවිල් වැසියන් රැසක් ද යුද්ධය නිසා ජීවිතක්ෂයට පත්විය

එහෙත් යුද්ධයක් ඇතිවූ පසුව, එය මැඩපැවැත්වීමට කටයුතු කිරීම රජයක වගකීම වන බැවින් 1983 සිට 2009 දක්වා සිටි සෑම රාජ්‍ය නායකයෙකු ම අඩු-වැඩි වශයෙන් ඊට දායකත්වය දැක්වූවේය. ඒ සියල්ලන්ට ම වඩා යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ඇස්, ඉස්, මස්, ලේ කැපකළේ මෙරට රණවිරුවන් වන බැවින් අද දිනයේ වැඩි ගෞරව ඔවුන් වෙත පැවරීමට අප නොපැකිලිය යුතු ය.

අද දිනය තුළදී අප විසින් සැමරිය යුත්තේ යුද්ධයේ ජයග්‍රහණයට වඩා, සාමයේ අගය යි. අප විසින් සිහිකළ යුත්තේ රටට සාමය අත් කරදීම වෙනුවෙන් ගෙවීමට සිදුවූ අපමණ වටිනාකම් පිළිබඳව යි. ජාති, ආගම්, කුලමල, ගෝත්‍ර වලට බෙදී අප රටට ඉදිරියට යාමට නොහැකි බවයි.

දශක තුනක යුධ සමයේ දී යුද බිම් තරණය කරමින් වීර විකුම් පෑ සෙන්පතියන් රැසක් මෙන් ම, රණවිරුවන් රැසක් මේ වන විට මා සමගින් රට වෙනස් කරන වැඩපිළිවෙළට එක්ව සිටීම, අද දිනය තුළ දී මා විසින් සිහිකරන්නේ ගෞරවයෙනි.

යළි යුද්ධයක් ඇති නොවේවා! රණවිරුවන් ඇතුළු, යුද්ධයේ බර දැරූ සමස්ත මහජනතාවට මාගේ උත්තමාචාරය!

~ මම, සජිත් ප්‍රේමදාස

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan