මෙක්සිකානු නාවික හමුදා නෞකාවක් නිව්යෝක්හි බෘක්ලින් පාලමේ ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් 19 දෙනෙකුට තුවාල

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකානු නාවික හමුදාවට ක්වාටෙමොක් නෞකාව පුද්ගලයන් 277 දෙනෙකු සමඟ යමින් සිටියදී විදුලිය විසන්ධි වීම හා යාන්ත්‍රික ගැටළු හේතුවෙන් නිව්යෝක්හි බෘක්ලින් පාලමේ ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවත් වාර්තා වේ.

අයත් අඩි 297 ක් දිග (මීටර් 91) සහ අඩි 40 (මීටර් 12) පළලින් මෙම නෞකාවේ උස් කුඹගස් පාලමේ ගැටීමෙන් ඒවා කඩා වැටි ඇති අතර පාලමට කිසිදු ප්‍රධාන හානියක් සිදු නොවූ අතර මූලික පරීක්ෂණයකින් පසු නැවත විවෘත කර තිබිණි.

අනතුරින් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු අහිමි වීම ගැන දැඩි ලෙස කණගාටු වන බව මෙක්සිකෝවේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ප්‍රකශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...