ප්‍රාදේශීය මට්ටමින් ජනාධිපති අරමුදල විමධ්‍යගත කිරීම සාර්ථකයි – ජනාධිපති ලේකම්

Date:

රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සාර්ථක බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසා සිටී.

ජනාධිපති ලේකම්වරයා මේ බව පවසා ඇත්තේ ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පුහුණු වැඩමුළුවකට සහභාගී වෙමිනි.

එය ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පවත්වා තිබෙන බව පැවසේ. ජනාධිපති අරමුදලේ ප්‍රධාන අරමුණ සහ පරමාර්ථය වන්නේ අතිශය අසරණ අයට සේවයක් ලබා දීම බවත්, මේ වන විට ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අරමුදලේ සේවාවන් ව්‍යාප්ත කිරීම නිසා වැඩි පිරිසකට පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට හැකි වී ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එහිදී පවසා ඇත.


 

එම සේවාවේ වටිනාකම සියලු රාජ්‍ය නිලධාරින් තේරුම් ගෙන ඇතැයි විශ්වාස කරන බව පැවසූ ජනාධිපති ලේකම්වරයා, ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවද පවසා ඇත. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ උතුර – දකුණ දෙකොණටම ජය

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: ශ්‍රී ලංකා...

රුමේෂ් රත්තරන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: කොරියාවේ Mokpo...

ආසියානු විසිකීරීම් සුරතාවලියේ කාන්තා හෙල්ල ඉසව්වේ රිදී පදක්කම නදීශාට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW:කොරියාවේ Mokpo හී...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 22, කොළඹ LNW : අද (22)...