හයිද්‍රාබාද්හි ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් 17 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(18) උදෑසන හයිද්‍රාබාද්හි චාර්මිනාර් අසල ගුල්සාර් හවුස් හි ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් අවුරුදු 10ට අඩු දරුවන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 17 දෙනෙකු මිගොස් ඇති බව වාර්තා වේ.

තෙලන්ගානා ආපදා ප්‍රතිචාර සහ ගිනි නිවන සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වයි නාගි රෙඩ්ඩිගේ විමර්ශනයන්ට අනුව, ගින්නට හේතුව විදුලි පරිපතවල ඇති වූ ගින්නක් බවට අනාවරණයව ඇති අතර 21 දෙනෙකු බේරාගෙන ඇත.

බොහෝ මරණ වලට හේතුව දුම ආශ්වාස කිරීම බව සෞඛ්‍ය අංශ වලින් තහවුරු කර ඇති අතර අග්‍රාමාත්‍ය මොදී මෙම අනතුර හේතුවෙන් ජිවිත අහිමිවූවන්ට සිය කනගාටුව ප්‍රකශ කර තිබු අතර එම පවුල් වලට ඉන්දීය රුපියල් ලක්ෂ දෙකක ආධාර ලබා දීමට නියමිත බව සිය සමාජ මාධ්‍ය ජාලා හරහා සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...

AI ස්පෑම් නාලිකා මර්දනයට යූටියුබ් වෙතින් දැඩි පියවරක්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී YouTube ආයතනය...

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...