ආයෙත් සන්ධාන නෑ. මේකත් යුද්ධයක් – චම්පික රණවක

Date:

එළඹෙන ඕනෑම මැතිවරණයක තරග කිරීමේ සූදානමින් යුතුව එක්සත් ජනරජ පෙරමුණ බිහිකරන බවත් නැවත තමන් කිසිදු දේශපාලන සන්ධානයකට එකතු නොවන බවත් පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“අපි අවස්ථාවාදී දේශපාලන සන්ධානවලට එකතුවෙන්නේ නෑ යළිත්. අපට හොඳ අත්දැකීමක් 2015 ලැබුණා. අපි නොවෙන කණ්ඩායමකට 2019 ලැබුණා. ඒ කියන්නෙ කොහේ හරි තැනකින් ගිහිල්ලා මන්ත්‍රීකෙනෙක් වෙන්න, කොහොම හරි ඇමතිකෙනෙක් වෙන්න, කාට හරි ඡන්ද කුට්ටියකට හේත්තු වෙන්න අපි අදහස් කරන්නේ නෑ. මොකද අපේ වගකීමක් තියෙනවා දැන් අපි තාත්තලා, අපේ දරුවන්ට අනාගතයක් හදන්න. මේ වංචනික පිරිස්වල ක්‍රියාකාරීත්වය අපි හොඳට දන්නවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමාගෙ ආසන්න ඉලක්කය 2024 ජනාධිපතිවරණයද ?

“අපිට එහෙම ඉලක්කයක් නෑ 2024ද, මේ ජනවාරි මාසෙද, ඊළඟ මාසෙද කියලා. අනිවාර්යයෙන්ම ඊළඟ ඕනෑම මැතිවරණයක් – මේ දෙසැම්බර් මාසෙ එනවාද, ඊළඟ දෙසැම්බර් මාසෙ එනවාද – ඒ ඕනෑම මැතිවරණයකට අපි ඒ කඳවුර අපේ පැත්තෙන් සූදානම් කරනවා. මේක තනි මතවාදයකට යන ගමනක් නෙවෙයි, ප්‍රායෝගිකත්වය මත යන ගමනක්. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙලක් මත යන ගමනක්. යුද්ධයක් ජයග්‍රහණය කරන්න යනකොට අපි අපෙ ඔළුවල තියෙන මතවාද සියල්ල අමතක කරලා එක පෙරමුණකට එනවානෙ. මේකත් යුද්ධයක්. මේ රට ගලවා ගැනීමේ යුද්ධය. ඒ නිසා තමයි අපි එක්සත් ජනරජ පෙරමුණ කියලා පාවිච්චි කරන්නේ”

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ නෙත් එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්තාන කාන්තාවන් ඉදිරියේ ශ්‍රී ලංකා කාන්තාවන් පසුබසියි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් පාපන්දු...

රටක් වෙනුවෙන් හැඳෙන ඇඳුමක පසුබිම් කතාව

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ක්‍රීඩා කාර්ය සාධනය සහ...

අර්ධ ශතක තුනක් වාර්තා වූ තරගයක ජය ග්‍රීන් කණ්ඩායමට

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: පිට පිටම දින දෙකක්...

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග! 

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා ධවල...