*
Friday, May 3, 2024
spot_img

Latest Posts

විජයග‍්‍රහණයට අදට වසර 14යි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අසීමිත ලේ වැගිරීම් , ජීවිත අහිමි වීම් මැද , දශක තුනක කාලයක් මෙරට පැවති ශාපලත්  එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 14ක් සපිරෙන බව සිහිපත් කරන්නේ රට ලැබූ විජයග‍්‍රහණයක් වන බැවිණි .

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණු අතර ජීවිත සියදහස් ගණන් ත්‍රස්තවාදීන් අතින් අකාලයේ මියයෑමට සදාකාලික තිත තැබුණි.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වන අතර ජාති ආගම් භේද පසෙකලා රක්තවර්ණ රුධිරය අපකාගේත් එකක් වන බව පසක් කරමින් රණවිරු නාමය ලොවට පසක් කළේ අද වැනි දිනකයි.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මානුෂීය මෙහෙයුම සඳහා නායකත්වය දුන් අතර ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ අතර හමුදාපති ලෙස ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිහිපත් කළ යුතුය .

එදා ලබාගත් අද්විතීය  යුද ජයග්‍රහණය සැමරීම සඳහා වන රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු සැමරුම අභියසදී පැවැත්වීමට නියමිතව ඇති අතර සම්භාවනීය අමුත්තන් රැසද පැමිණීමට නියමිතය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan