ජයං වේරං පසවතී ….

Date:

වයෝවෘද්ධ පියෙකු විසින් යුධ ප්‍රහාරයකින් ඇඟේ මස් වැදලි ගැලවුන සිය තරුණ ප්‍රේමනීය දියනිය දෑතින් ඔසවාගෙන සිටින අතර තවත් බාල දියනියක් ඒ දෙස බියෙන් ත්‍රස්තවී බලා සිටී …

යුද්ධයේ කිසිදු ජයග්‍රහයකයෙකු නොමැතිබව ගෞතම බුද්ධ දේශනාවේද සඳහන් වෙයි. යාපනයේ අර්ධ ද්වීපයේ කතෝලික පියතුමෙකු විසින් නිර්මාණය කර ඇති මේ මිනිස් රූප ත්‍රිත්වයෙන් ප්‍රකටවන සෝචනීය කුරිරු සත්‍යයද එකී බුද්ධ දේශනාවමවේ.

සෑම යුද්ධයක්ම මිනිස් ඉතිහාසය තුල සිදුවූ බයානක අත්වැරදීමක්… ඉතිහාස යුද්ධ දෙස ආපසු හැරී බැලූවිට එහි ඉතිරිව ඇත්තේ මළවුන්, අතුරුදන් වූවන්, අතපය අහිමිවූවන්, අනාතවූවන් සහ පස්චාත් බංකොලොත් කමත් පමණක්ම නොවේද …?

ලෝක ඉතිහාසයේ දිග්විජයෙහි යෙදී මිනිස් බිලි මතින් රන් කහවනු කඳුගසා ගත් උන් පිරිසකුත් සිටී, උන් තමා බලලෝභී පාලකයෝ. අතීත පාලකයන් ජනඝාතක යුද්ධවලින් වහල්ලු අල්ලගත්තා, දූපත් අල්ල ගත්තා. වර්තමාන පාලකයෝ ජනඝාතක යුද්ධවලින් සොල්දාදුවන්ගේ බත් පැකට් එකේ සිට මිග් යානා දක්වා දේවල් වලින් කොමිස් ගහලා ධනය කප්පරක් ගොඩගහත්තා. යුද්ධෙ වමාරවමාර කන එක උංගේ ඇජෙන්ඩාවක්. ඒකට අහුවෙන්ට එපා ….

හැමදාම යුද්ධවලින් උනේ පාලකයින්ගේ නම ගිය එක, පීඩිත ප්‍රජාවගේ පන ගිය එක …!!

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Kuril Islands ආසන්නයේ අදත් භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද...

ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් නෑ – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW: වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි...

බංග්ලාදේශයේ හිටපු නායිකා ෂෙයික් හසීනාට එරෙහි නඩු විභාගය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශ නායිකා ෂෙයික්...