ජෙරම්ගේ කතාව කරේ තියන් දුවන අය දැක්කාම තොරණෙ විස්තරේ තේරෙයි ….

Date:

මේ දවස්වල සෝෂල් මීඩියාවල වගේම දේශපාලන කරළියේත් නැගලාම යන්නෙ පාස්ටර් ජෙරම්ගෙ කතාව. මේ තොරණෙ විස්තරේ පොඩ්ඩක් කල්පනාවෙන් බැලුවොත් අන්තිම කොටුවෙන් පෙන්නන්න ඉන්නෙ කාවද කියලා තේරුම් ගන්න අමාරු නැතිවෙයි …

පාස්ටර් ජෙරම් කියන්නෙ මීට කලිනුත් යම් යම් සිද්ධි නිසා මාධ්‍යවල කතාබහට ලක්වෙච්චි කෙනෙක්. විවිධ ඉහළ මට්ටමේ කට්ටිය එක්ක කරපු ගනුදෙනු, එහෙම ලොකුවට සල්ලි ගැවසෙන සමහර ආයතනවල මෙයාට තිබුණු තේරීම් බලය ගැන එහෙම විවිධ කතා පැතිරුණා. හැබැයි එව්වා වැඩිය සද්දෙන් කෙරුණෙ නෑ.

මොකද දැන් ඔය හදිසියේ ආපහු රට ජාතිය මතක් වෙලා, හැංගිලා හිටපු තැන්වලින් එළිබැහැපු කට්ටියගෙ ආධ්‍යාත්මික නායකතුමා එක්ක එහෙමත් ජෙරම්ට ගනුදෙනු තිබ්බ බව එළිපිටම පෙනුන නිසා.

රටේ ලොකූ ආර්ථික ප්‍රශ්නයක් ඇවිල්ලා, මිනිස්සුන්ට කන්න බොන්න නැතිවෙන තත්වෙකට තල්ලු වෙමින් ගිහිල්ලා, දේශපාලන අරගලයකුත් මතුවෙලා, අර ආධ්‍යාත්මික නායකයාට ඉල්ලා අස්වෙන්න වෙලා, එයාගෙ මල්ලිට පැනලා යන්න සිද්ධවෙලා …. ඔහොම ඔහොම සිද්ධි ගොඩාක් සිද්ධ වෙලා දැන් ආපහු තත්වය පොඩ්ඩක් නෝමල් වෙද්දී මෙන්න එනවා ජෙරම්ගෙ කතාවක්.

අර හැංගිලා හිටපු තැන්වලින් පොඩ්ඩක් එළියට එන්න බය නැතිවෙලා, පොඩ්ඩක් බඩකටත් පිරිලා ඉන්න ජාතිමාමකයො ටික දැන් එළිබැහැලා බරටම වැඩ. වෙන එකක් තියා පේන්නවත් නොහිටපු ඥානසාර හිමි නමත් ඔන්න ආයෙ ගේමට වැඩලා.

ජෙරම්ගෙ කතන්දරේ කරේ තියාගෙන දුවන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය දිහා නිකමට බලමුකෝ. දිලිත්ගේ කොම්බු නාලිකාවයි, රෙනෝගේ සියල්ලට ඉහළින් නාලිකාවයි තමා උඩින්ම ඉන්නේ. මීට අවුරුදු තුනහමාරකට කලින් කැළණියේ නයි නටවලා, කුරුණෑගල වඳ සැත්කම් නාඩගමක් නටලා, කියන්න පුළුවන් තරම් බොරු ඔක්කොමත් කියලා රට මේ තත්වෙට තල්ලු කරන්න පාර කැපුවෙත් ඔය චැනල් දෙකේ පූර්ණ දායකත්වය යටතේ තමයි.

තොරණෙ විස්තරේ ඔහොම යනකොට අන්තිම කොටුවෙන් පෙන්නන්න ඉන්නෙ පාස්ටර් ජෙරම්ගෙන් රට බේරාගන්න එන්න ඉන්න නායකයා වෙන්න ඕනෙ ඉතිං. ඕකට අපි අපේ කාලෙ නාස්ති කරන එක අමු පිස්සුවක්. කෝකටත් පරෙස්සමින් කල්පනාවෙන් ඉන්න එක ඇඟට ගුණයි. කට්ටිය ජෙරම් පස්සේ දුවන අස්සේ යටින් මොන මොනවා වෙනවාද දන්නෙ නෑ ….

~ දර්ශන වීරසිංහ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...

පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන...

ඉරාන විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට; කමේනිගේ පාලන තන්ත්‍රය දැඩි මර්දනයක

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...