ඩයනා අත්අඩංගුවට ගත්තොත් රඳවන්න වෙන්නේ විදේශිකයින්ගේ කඳවුරේ ?

Date:

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පහ කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා හිටපු රාජ්‍ය ඇමැතිවරියගෙන් ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා. එම ප්‍රකාශය සහ මෙම සිද්ධියට අදාළ විමර්ශනයේ උධෘත ගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර, ගතයුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් පතනවා. නීතිපතිවරයා ලබාදෙන උපදෙස් පරිදි ඩයනා ගම​ගේ පිළිබඳව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා” යනුවෙනි.

ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 08 වනදා ලබාදුන් නියෝගය අනුව ඩයනා ගමගේ මහත්මිය ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර සිය බලය අයුතු ලෙස පරිහරණය කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් බව පැහැදිලි වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඒ මහත්මියට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පසුගිය 09 වනදා නියෝග කර තිබිණි.

ඒ අනුව යම් හෙයකින් ඩයනා ගමගේ මහත්මිය අත් අඩංගුවට ගනු ලැබුවහොත් ඇයව රඳවා තැබීමට සිදුවන්නේ විදේශිකයින් රඳවා තබන මිරිහාන රැඳවුම් කඳවුරේ බවයි නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...