වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැක් අගමැතිගේ තත්වය බරපතල අතට

සටහන: සශිකලා මධුෂාණි,මැයි 19,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය බදාදා (15)දින වෙඩි ප්‍රහාරයකට ලක් වූ ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝ ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

අගමැතිවරයාගේ තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය Zuzana Dolinkova ප්‍රකාශ කර තිබුණේ, වෙඩි වැඩිම හේතුවෙන් පැය දෙකක සැත්කමක් කළ බවත්, ඉදිරි දිනවලදී අගමැතිවරයා බරපතල තත්ත්වයේ පසුවන බැවින් ඉදිරි දිනවලදී Banska Bystrica හි රෝහලෙන් අගනුවර වන Bratislava වෙත මාරු කරනු ඇතැයි සිතිය නොහැකි බවත්ය.

59 හැවිරිදි ෆිකෝට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ බදාදා ඔහු රජයේ රැස්වීමකින් පිටත්ව ගොස් මධ්‍යම නගරයක් වන හැන්ඩ්ලෝවා හි ජනතාවට ආචාර කරමින් සිටියදීය.

සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු ප්‍රසිද්ධියේ හඳුනා නොගන්නා ලෙස හෝ සිද්ධිය පිළිබඳ වෙනත් තොරතුරු හෙළි නොකරන ලෙසට පැමිණිලිකරුවන් ඉල්ලා තිබේ. කෙසේ නමුත්, ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...