ලාංකේය වළලු දැමු අත්වලට අසුබ දවසක්

Date:

නිශ්මං රණසිංහ මැයි 19, කොළඹ LNW:

ආසියානු අවුරුදු 22 න් පහළ සහ ආසියානු යොවුන් බොක්සිං තරගාවලිය ක්‍රියාත්මක වන කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී මැයි 18 වන දා පැවති තරගවලදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වුණා.එම දිනය පුරා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු තරග බිමට පිවිසියත් ඒ කිසිවෙකුට සහභාගි වූ තරගවලදී ජයග්‍රහණ හිමි වුණේ නැහැ.


කිලෝ ග්‍රෑම් 48 බර පංතියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නෙත්මි පෙරේරා තරග වැදි තරගයේ දෙවන වටයේදී, විනිසුරු විසින් තරගය නවතා ඇයගේ ප්‍රතිවාදි ක්‍රීඩිකාව වූ ඉන්දියාවේ සිවාච් මහීට ජයග්‍රහණය පිරිනමනු ලැබුවා.කිලෝ ග්‍රෑම් 50 බර පංතියෙන් තරග වැදුණු සචිනි ප්‍රනාන්දු 5-0 ක් වූ තිරණයකින් වියට්නාමයේ එන්ගුයෙන් ති එන්ගොක් ට්‍රාන් වෙතින් පරාජය ලැබුවා.


කිලෝ ග්‍රෑම් 52 බර පංතියෙන් තරග වැදුණු යශිනි ප්‍රනාන්දු පරාජයට පත් වුණේ 5- 0 ක තීරණයක් අනුවයි.යශිනිට එරෙහිව කසකස්තානයේ මයිර්ෂකූල් ටොමිරිස් ජය ගනු ලැබුවා.කිලෝ ග්‍රෑම් 54 බර පංතියේදී වියට්නාමයේ න්ගෝ තී මායි චුක්ට තරගයේ පළමු වටයේදීම ජයග්‍රහණ හිමි වුණා.එහිදී පරාජයට පත් වුණේ සංදීපනී කාරියවසම් ය.


ඡායාරූපයේ දැක්වෙන්නේ සංදීපනි කාරියවසම් සහ වියට්නාම ක්‍රීඩිකාව අතර පැවති තරගයේ අවස්ථාවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...

අද (15) දවසේ මි.මී. 100 තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 15) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ජනතාවට බොරු කරන්න එපා. පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ඇති කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන...