සාකච්ජාව සාර්ථකයි.ඉස්සරහටත් තව කතා කරනවා. කවුද ජනාධිපතිතුමාට බය – සමඟි මහ ලේකම්

Date:

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල විපක්ෂයට බහුතරයක් මන්ත්‍රී අසන ලැබී ඇති සභාවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් අද (19) සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පැවති අභ්‍යන්තර සාකච්ජාවෙන් පසුව සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

එහිදී ඔහු පැවසුවේ එම සාකච්ජාව සාර්ථක බවත් ඉදිරියේදී තවදුරටත් සකච්ජා පැවැත්වෙන බවත්ය.

මාධ්‍යව්දියා: ඉදිරියේදී සාකච්ජා පවත්වන්න තව ඉතුරු වෙලා නැහැ.සියල්ල අවසානයි ?

සමඟි මහ ලේකම්: නෑ ඉදිරියටත් තව සාකච්ජා තියෙනවා.

මාධ්‍යවේදියා: අනිත පක්ෂ සමඟ සාකච්ජා ?

සමඟි මහ ලේකම්: ඒවත් බොහොම සාර්ථකව අවසන් වුණා.

මාධ්‍යව්දියා: ඒ වුණාට ජනාධිපතිතුමාට අනුව නම් ලේසි නැහැ සභා පිහිටුවන්න?

සමඟි මහ ලේකම්: කවුද ජනාධිපතුතුමාට බය

මාධ්‍යව්දියා: බලය පිහිටුවන එකේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා යටතේද රනිල් වික්‍රමසිංහ මහතා යටතේද?

සමඟි මහ ලේකම්: එහෙම නෑ අපි පොදු විපක්ෂය

මාධ්‍යව්දියා: කාලෙකින් යාලුවෝ එකට තේ බිව්වා නේද?

සමඟි මහ ලේකම්: ඇයි මොකද ඒකෙ ප්‍රශ්නයක් තියෙනවද.

මාධ්‍යව්දියා: ඉදිරියට පක්ෂ දෙක අතර සාකච්ජා තියෙනවද?

සමඟි මහ ලේකම්: අඩිතාලමක් දැම්මා සාර්ථකයි

මාධ්‍යව්දියා: හැබැයි ටික දවසකින් ඔබතුමන්ලගේ එකඟතා කඩල යනවනේ. එකඟතා බිඳෙනවා නේද?

සමඟි මහ ලේකම්: ඔයගොල්ලෝ එහෙම තමයි හිතන් ඉන්නේ නේද? එහෙම තමයි ප්‍රර්ථනා කරන්නේ නේද?

මාධ්‍යව්දියා: නෑ අපි ප්‍රර්ථනා කරන්නේ නැහැ. වෙන්නේ එහෙමනේ?

සමඟි මහ ලේකම්: නෑ. නෑ එහෙනම් අපි යනවා ටටා.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...

අද (15) දවසේ මි.මී. 100 තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 15) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ජනතාවට බොරු කරන්න එපා. පොරොන්දු වූ ක්‍රමයේ වෙනස ඇති කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජය ක්‍රමයේ වෙනසක් ඇති කරන...