ගාසා වැසියන්ට තාවකාලික අස්වැසිල්ලක්!

Date:

රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

සති 10ක පමණ කාලයක් ගසා තීරයට ආහාර ලබාදීම අවහිර කරමින් ඊශ්‍රායලය ගෙන තිබූ තීරණය අත්හිටුවමින් , ගාසා තීරයේ වැසියන්ට අවශ්‍ය මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

ඊශ්‍රායලය තීරණය කර ඇත්තේ, ගාසා තීරයේ සාගිනි අර්බුදයක් ඇති වීම වැලැක්වීමට වගබලා ගනිමින් සහන කණ්ඩායම්වල ආහාර රැගත් රථවලට ගාසා තීරයට ඇතුළු වීමට අවසර ලබාදීමටයි.

ඊශ්‍රායලය මෙම තීරණය ගෙන ඇත්තේ ගාසා තීරය පුරා යළිත් පුළුල් මෙහෙයුම් ආරම්භ කර පැය කිහිපයක් ගත වීමෙන් පසුවයි.  ගාසා තීරයේ ජීවත් වන මිලියන 2යි දශම 1ක ජනගහනය අතර සාගතයක් ඇති වීමේ අවධානමක් ඇතිවිය හැකි බවට ආධාර ආයතන අනතුරු අගවා තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ,එබැවින් වහාම බාධාවකින් තොරව ගාසා තීරයට ආහාර සැපයුම් ලබාදීම සඳහා ඉඩ ලබාදෙන ලෙස ප්‍රංශය ද ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබූ බවයි. මේ අතර හමාස් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ, ඉකුත් පැය 24 තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 67 දෙනෙකු මියගොස් 361 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...