දේශපාලනයෙන් වක්‍රව ඔලිම්පික් කමිටුවට බලපෑම් වෙන හැටි ඔලිම්පික් සභාපති කියයි

Date:

නිශ්මං රණසිංහ මැයි 19, කොළඹ LNW:

දෙරණ රූපවාහිනි සේවයේ ස්ට්‍රේට් ඩ්‍රයිව් ක්‍රීඩා වැඩ සටහන සමග එක් වූ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් පැවසුවේ ජාතික ඔලිම්පික් කමිටුවට දේශපාලන බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් නැති බවයි.එහෙත් ක්‍රීඩා සංගම්වල තනතුරුවලට නිලධාරී පත් කිරීමේදී එම හැකියාව ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා එවැනි පුද්ගලයින් ඒ ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් ජාතික ඔලිම්පික් කමිටුවේ තනතුරුවලට ද පත් වි ආ හැකි බව පැවසීය.උදාහරණයක් ලෙස පවතින ඔලිම්පික් කමිටුවට බැඩ්මින්ටන් සහ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් දෙදෙනෙකු එක් වී ඇත්තේ ද ඒ ආකාරයට අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ක්‍රීඩා සංගම්වල මුල් පුටවලට පැමිණි අය බව ද පෙන්වා දුන්නේය.


තවද භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික තනතුරුවලට ක්‍රීඩා සංගම්වල නිලධාරීන් පත් කිරීමේදී ඔවුන් ක්‍රීඩාව කර ඇද්ද යන්න සොයා නොබලන බව කී සභාපතිවරයා ඔවුන් කාලයත් සමඟ එම තනතුරු නියෝජනය කරමින් ජාතික ඔලිම්පික් කමිටුවට පත්විමට එම ක්‍රීඩා සමාජවලින් නාම යෝජනා ලබා ගන්නා බව ද පෙන්වා දුන්නේය.මෙවැනි කාරණා ක්‍රීඩා පණත ඇසුරෙන්ම සැකසිය යුතුව ඇති බව පෙන්වා දුන් ඔලිම්පික් සභාපතිවරයා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද පවතින ක්‍රීඩා පණත සම්බන්ධයෙන් සතුටු නොවන බව පෙන්වා දුන්නේය.


මේ සමග එම සම්පූර්ණ වැඩ සටහන ඇති අතර එහිදී ඔලිම්පික් සභාපතිවරයාට සිය බිරිඳත් සමඟ ගමන් යාමට ඔලිම්පික් ආයතනයේ මුදල් වියදම් කර ඇති බවට චෝදනාවක් ඇතැයි පැවසූ විට,තමන් එවැනි ශත පහක මුදලක් ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලබා ගෙන නැති බව පෙන්වා දුන්නේය.තමා ඇතැම් අවස්ථාවල ජාතික ඔලිම්පික් කමිටුවේ මුදල් ගුවන් ටිකට් වැනි දේවලට වැය නොකිරීමෙන් පමණක් නොව දැනට වැඩ තහනමකට ලක් වී ඇති ලේකම් ධූරයේ සිටි මැක්ස්වල් ද සිල්වාට ද සිය පෞද්ගලික මුදලින් සංචාරවලදී වියදම් කර ඇති බව පෙන්වා දුන්නේය.
අදාළ වැඩ සටහනට මෙතනින් පිවිසෙන්න.
https://bit.ly/4j8V1sg

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...