පෞද්ගලික ජෙට් එකකින් ප්‍රාදේශීය සභා ජන්දෙට ඇවිත් දුන්න වැදගත්කම රණවිරුවන්ටත් දෙන්න – නාමල්

Date:

කොළඹ LNW:ප්‍රාදේශීය සභා ජන්දයට පෞද්ගලික ජෙට් යානයකින් පැමිණීමට තරම් එය වැදගත් වුවා සේ රණවිරුවන්ටද ඔවුන්ට හිමි වැදගත්කම ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අද (19) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩසහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”ජනාධිපතිතුමාට පෞද්ගලික ගුවන් යානකින් ප්‍රාදේශීය සභා ජන්දයට එන්න තරම් එහි වැදගත්කමක් තිබ්බා. ඒ වැදගත්කම රණවිරුවන්ටත් දුන්නොත් හොඳයි. විශේෂයෙන් රණවිරු දිනයට ඇවිල්ල උපහාර දැක්වීම එතුමා කළ යුතුයි. එතුමා විතරක් නෙවෙයි මේ රටට එන හැම රාජ්‍ය නායකයෙක්ම අපේ රණවුරුවන්ට උපහාර දක්වන්න එක්කන් යන්න ඕනේ. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ සිද්ධ වුණා. ඉදිරි කාලයේත් සිද්ධ විය යුතු දෙයක්. මොකද අපි ලෝකයේ රටවල් වලට ගියහම ඒ රටවල රණවිරු ස්මාරක වලට ගිහින් ඒ රටේ නිදහස ඒකීයත්වය වෙනුවෙන් ජීවිතය දීපු නායකයින්ව සමරනවා.

වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ සිට සියලුම දෙනා නිදහසේ ජීවත් වන්නේ රටේ නිදහස, ඒකීයත්වය වෙනුවෙන් රණවිරුවන් කළ කැපකිරීම නිසා යැයිද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...