හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට පිළිකාවක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන බවට හඳුනාගෙන ඇති අතර එය ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බව ඔහුගේ කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

හිටපු ජනාධිපතිවරයා මේ වන විට 82වියේ පසුවන අතර මුත්‍රා රෝග ලක්ෂණ වාර්තා කිරීමෙන් පසු කරන ලද පරීක්ෂණ වලින් මෙම තත්වය වාර්තා වී ඇත.

ඉතිහාසයේ වයස්ගතම එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස ජනවාරි මාසයේදී ඔහු ධුරයෙන් ඉවත් වූ අතර ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්න ඔහුගේ පළමු ධුර කාලය තුළ ද මතු විය.

මෙම තොරතුරු නිවේදනය වීමෙන් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බැරක් ඔබාමා ඇතුළු සියලු පර්ශවයන් හිටපු ජනාධිපතිවරයාට සුවය පතා පණිවුඩ යොමුකළ අතර බයිඩන් යටතේ සේවය කළ හිටපු උප ජනාධිපති කමලා හැරිස්, සිය ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, ජෝ සටන්කාමියෙකු බවත්, ජීවිතය සහ නායකත්වය සැමවිටම නිර්වචනය කර ඇති ශක්තියෙන්, ඔරොත්තු දීමේ හැකියාවෙන් සහ ශුභවාදීව ඔහු මෙම අභියෝගයට මුහුණ දෙන බව මම දනිමි,”යනුවෙනි.

කෙසේ නමුත්, පුරස්ථි ග්‍රන්ථි පිළිකා යනු සමේ පිළිකාවට පසුව පිරිමින්ට බලපාන දෙවන වඩාත් සුලභ පිළිකාවයි. එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) පවසන්නේ සෑම පිරිමින් 100 දෙනෙකුගෙන් 13 දෙනෙකු මෙම පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට බඳුන් විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...