මේ දේශපාලන ඉතිහාසය තුළ මගේ නම එක පොලිස් පොතකවත් ලියැවිලා නෑ – රෝහිත

Date:

තම දේශපාලන ඉතිහාසය තුළ එකදු අවස්ථාවක හෝ පොලිස් පොතක තමන්ගේ නම ලියැවී නොමැති බවත් පවසන හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එසේ ලියැවී ඇත්නම් එය ඔප්පු කරන ලෙස අභියෝග කරයි.

“එක පොලිස් පොතක මේ දේශපාලන ඉතිහාසය තුළ අපේ නමක් ලියවිලා තියෙනවා නම් පුළුවන් නම් ඔප්පු කරන්න කියලා අභියෝග කරනවා ගරු මන්ත්‍රීතුමනි. එක පොලිස් පොතක ලියවිලා තියෙනවා නම් අහවල් දවසේ අහවල් මැතිවරණය වෙනකොට අහවල් වැරදි වැඩේ වෙලා තියෙනවා කියලා … නෑ … අපි හිටගත්තෙ එක දෙයක් වෙනුවෙන්. ජය පරාජය පුරුදුයි අපට හොඳට”

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුව අමතමිනි.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරණ සමයේදීම රෝහිත අබේගුණවර්ධන මහතාට අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම සූදානම් වෙද්දී ඔහු සර්පයෙකු දෂ්ඨ කළ බව පවසමින් පෞද්ගලික රෝහලකට ඇතුළු වී එය වළක්වාගත් ආකාරයත් පසු කාලයක එම අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරුණු ආකාරයත් අපට නම් මතක ඇත. ඒවා ලියැවී ඇත්තේ අල්ලස් කොමිසමේ පොත්වල සහ අධිකරණයේ පොත්වල ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...